මීගමු කලබලය පරණ ත්‍රි විල් පාක් ගැටුමක් !

0
352

weel park (11.14 pm )මිගමුව තුල මතුව ඇති අවසනාවන්ත තත්වය කලකට ඉහතදි ඇතිව තිබු ත්‍රිරෝද රථ නැවැතුම් පොලවල 2 ක් අතර ගැටුමකි.
ඒ අසල සිංහල ජාතිකයන්ගේ සහ මුස්ලිම් ජාතිකයන්ගේ ත්‍රිරෝද රථ නැවතුම් පොලවල් 2 ක් විය . මෙසේ ත්‍රිරෝද රථවල ගමන් යෑමට එන මගින්ගේ තෝරා ගැනිම් හේතුකොට ගෙන කලක පටන් වරින් වර සුළු ගැටුම් මතුව තිබුණි.
පසුගිය පාස්කු ඉරුදින අවසනාවන්ත සිදුවිමත් සමගින් පසුදිනම තවත් අදියරකට එය ගමන් කර තිබුණි .එයද සුළු සිදුවිමක් විය.
ඒ ගැනද මිගමුව පොලිසිය වෙත පැමිණිලි කර ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් අද සවස 4.30 ට පමණ මෙම ගැටුම යළිත් මතුව තිබුන අතර මේ ඇතමෙකු සිට ඇත්තේ බිමතින්ය.
මේහි තත්වය පාලනය කිරිමට පැමිණි උසස් පොලිස් නිළධාරියෙකු පවසා තිබුනේ මෙතන ඇත්තේ ජාතිවාදි හෝ ආගම් ගැටුමක් නොව බේබද්දන්ගේ ප්‍රශ්ණයක් බවය.