මීගමුව සාමකාමියි !කාර්දිනල්හිමිගේ පැමිණිම ගැන මුස්ලිම් ජනයාගේ ඉමහත් ප්‍රසාදය !

0
111

cardinal 1cardianla 2(12.15 pm )ඊයේ සවස් යාමයේදිම මිගමුවේ පෝරුතොට සහ පෙරියමුල්ල ඇතුළු ප්‍රදේශ කිපයක සිදුව අවසානාවන්ත සිදුවිම් වලින් පසු බිඳුනසිත් සමගින් බියෙන් පසුවු මුස්ලිම් ප්‍රජාව හමුවිමට අද පෙරවරුවේ කාර්දිනල් හිමිගේ පැමිණිම මුස්ලිම් ජනයාගේ ඉමහත් පැසසුමකට ලක්ව තිබුණි.
එතුමන්ගේ හමුවට විශාල මුස්ලිම් ජනතාවක් එක්ව සිටිනු දක්නා ලදි.අපි සැම ආබ්‍රම්ගේ දරුවන් යැයි කියු එතුමන් තවදුරටත් අවධාරණය කර සිටියේ මෙම අවසනාවන්ත සිදුවිම නොමග ගිය තරුණයන් පිරිසක්ගේ ක්‍රියාවක් බවය. විපතට පත් සැමට සිය කනගාටුව පළකරන්නටද ඒ ගැන සමාව යදින්නට එතුමන් අමතක කලේ නැත.
මේ වනවිට මුළු මිගමුවම සාමකාමි තත්වයකට පත්ව තිබේ.cardianl 3
ඊයේ ඇතිව තිබුන තත්වයන් හේතුවෙන් පෙරියමුල්ල ප්‍රදේශයේ සියළු හෝටල් සහ කඩ වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.
ගරු මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් මේ වන විටත් මිගමුවේ තවත් ස්ථාන කිපයකදි මුස්ලිම් ආගමික නායකයන් සහ මුස්ලිම් ප්‍රජාව හමුවිමට කටයුතු කරමින් සිටි.
මේ සියල්ල විසින් මිගමුව යළිත් සාමකාමි වෙමින් තිබේ. මේ සාමය බිදහෙලිමට මාන බලන ඇතැම් අවස්ථාවාදි අන්තවාදින් ගැන අප සැම විමසිලිමත්ව සිටිය යුතුව තිබේ.
දළුපත වැනි ප්‍රදේශවල ප්‍රහාරයන් දියත් කිරිමට පැමිණ කණ්ඩායම් වලට ඇතැම් දේශපාලන බලවේගයන්ගේ සහය ලැබි තිබුනේද යන සැකයද මේ විටත් කථාබහට ලක්වෙමින් තිබේ.