කටුනායක ගුවන් තොටුපලේ ගුවන් මගීන්ට පනවා තිබු තහංචි ලිහිල් කෙරේ !

0
121

bus 5බණ්ඩාරනායක  ගුවන්තොටුපළ වෙත පැමිණෙන මගීන්ගේ ගුවන් ගමන් පහසුව සඳහා විශේෂ  ආරක්ෂිත වැඩපිළිවෙළක් පසුගිය කාලය ක්‍රියාත්මක කර තිබුණි. ඒ අප්‍රේල් මස 21 වන දින සිදුවු ඛේදවාචකය හේතුවෙන් ගුවන් හමුදාව විසින් ගුවන්තොටුපළේ ආරක්ෂක පරික්ෂාවන් වැඩිකිරිම සදහා ගත්  පියවරයක් ලෙසිනි.

මේ හේතුවෙන් රථවාහන ගුවන්තොටුපළ වෙත ඇතුල්විම තහනම් කිරිම නිසා ගුවන් ගමන් ගමන් යාමට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගින්ට හට සැලකිය යුතු තරමේ අපහසුතාවයන්ට පත්වන්නට සිදු විය.

මේ හේතුවෙන් ගුවන් ගමන් යාමට පැමිණෙන මගීන් හට ඔවුන්ගේ වාහන වල සිට සහ දිවයිනට පැමිණෙන ගුවන් මගීන්ට හට ඔවුන්ගේ වාහන වෙත යාමට සැලකිය යුතු දුරක්පයින් ගමන් කිරිමට සිදු  තිබුණි. මෙයට පිළියමක් ලෙසින් ගුවන් තොටුපල අධිකාරිය විසින් සටල් බස් සේවාවක් ක්‍රියාත්මක කර තිබුණද තවදුරටත් මගින්හු විවිධ අපහසුතා වලට මුහුණ දුන්හ.bus 3

එහෙත් මේ වනවිට ගුවන් තොටුපළ වෙත පැමිණෙන හා පිටත්වන මගීන්ට හට තම ගමන් මලු රැගෙන පයින් ගමන් කිරිමට තිබෙන දුර අවම කිරිමට පිවිසීමේ සහ පිටත්ව යාමේ දොරටු වෙත වාහන ගමන් කිරිමට දැන් අවසර ලබා තිබේ.එමෙන්ම  කුලි රථ ප්‍රවාහන සේවයේ නියුතු වන්නන්ටද පැමිණිමේ පර්යන්තය ආසන්නයටම පැමිණිමේ පහසුකම් සලසා දි ඇති බවද සඳහන් වේ.

මුලාශ්‍රය – ada.lk