ජඩ මාධ්‍ය ගැන හමුදාපති කෙලින් කථාකරයි !

0
150

Maheshහමුදාපති මහේෂ් සේනානායක යනු ඉතා තියුණුලෙස හා සරල බසින් ඕනෑම ගැඹුරු ප්‍රශ්ණයක් ඉතා නිවරදිව විග්‍රහ කළ හැකි ආරක්ෂක ක්ෂේත්‍රයේ සිටින ප්‍රධාන චරිතයයි.
මේ දිනවල ජඩමාධ්‍ය වල මෙන්ම රාජපක්ෂලාගේ කුලි බුකිකාරයන් සැම සමාජය භිතියට පත්කරමින් කඩු වනමින් සිටිති.
මේ කඩු තතා ගැනත් ජඩමාධ්‍ය ගැනත් හමුදාපතිවරයා කෙලින් කථාකර තිබුණි.
ත්‍රස්ත විමර්ශන වලදී හමුවන කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසා සිටියේ ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි
හමුදාපතිවරයා ජඩමාධ්‍ය විසින් නිතර කියන  මෙසේ හමුවන බොහෝ කඩු පෞරාණික හා මළකඩ කෑ ඒවාද බවද පවසා සිටි.
එපමණක් නොව  ශ්‍රි ලාංකික නිවෙස්වල කඩු හෝ වෙනත් තියුණු ආයුධ තිබීම පුදුමයක් නොවන බවත් ශ්‍රි ලාංකිකයන් යනු විජය රජුගේ යුගයේ සිටම කඩු වලින් සටන් කල ජාතියක් බවත් එහිදී යුධ හමුදාපතිවරයා සිහිපත් කඩු පෙන්වා සමාජය බියගන්වන මාධ්‍යවලටද තරුවිසිවෙන්නටය..

එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මෙම කඩු සහ තියුණු ආයුධ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ ලන්දේසී සටන වාර්තා කරන්නා සේ ජනතාව බිය ගන්වමින් බවද මෙහිදී හමුදාපතිවරයා අවධාරණය කරතිබුණි..

එබැවින් බිම වැටී තිබෙන අජීවී පතරොම් හෝ බෝර 12 ගිනි අවියක් පෙන්වමින් සිදුකරන රගපෑම් නවත්වන ලෙසත් යුධ හමුදාපතිවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගැණූනු ගිනි අවි සම්බන්ධයෙන්ද යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අදහස් දැක්වු අතර ජතික තවුහිද් ජමාත් සංවිධානයට අදාළව මේ දක්වා හමුවී ඇත්තේ ටී 56 ගිනි අවි 01 පමණක් බවත් පැවසීය.