කඩාකප්පල්කාරීන්ට ඇප නෑ ! වසර 10ක සිර දඬුවම් !මිනුවන්ගොඩින් 13 ක් අත්අඩංගුවට!

0
163

received_526156371122077received_685696945166813කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප නොලැබෙන බවත් ඔවුන් වරදකරුවන් ලෙස ඔප්පු වුවහොත් වසර 10ක් දක්වා සිර දඬුවම් පැනවෙනු ඇති බවත් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසයි.මෙම සිදුවීම් ඉදිරියේ පොලිසිය ඉතාම ඉවසීමෙන් කටයුතු කළ නමුත් එම ඉවසීම පොලිසියේ දුර්වලතාවයක් ලෙස දකින්නේ නම් එය ඔවුන්ට සිදුවන ඉතාම විශාල වරදක් බවත් වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේය.

කඩාකප්පල්කාරී අන්තවාදී ක්‍රියාවන් වහාම නතර කරන ලෙස තමන් තරයේ අවවාද කරන බව ද වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර මිනුවන්ගොඩ නගරයේ කඩ සාප්පු කිහිපයකට පහර දි අලාභ හානි කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මහතා පැවසීය.

කඩාකප්පල්කාරීන් මිනුවන්ගොඩ නගරයට කඩා වැදිමත් සමඟ පොලීසිය එහි ගොස් එම පිරිස විසුරුවා හැරිමට කටයුතු කළ බවත් පහර දිමෙන් කඩ සාප්පු කිහිපයකට අලාභ හානි සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here