ආගමික සංහිදියාව යනු හදවතින්ම මතුවිය යුත්තක් මිස වෙසක් කූඩුවල ඇලවිය හැක්කක් නොවේ ! !

0
1036

image fddb3d56beසාලියවැව තරුණයින් පිරිසක් විසින් එක්ව සකස් කළ වෙසක් කූඩු 500කට ආසන්න ප්‍රමාණයක් සාලියවැව නගරයේ ප්‍රදර්ශනය කිරීම පොලිසිය මගින් තහනම් කිරීම හේතුවෙන් අද (18) දහවල් කොටසක් ගිනි තබා විනාශ කිරීමටත් ඉතිරි එවා නිවෙස් වලට රැගෙන යාමටත් කටයුතු කර තිබුණ බව ලංකාදිප වෙබ් අඩවිය විසින් වාර්තා කොට තිබුණි.

සාලියවැව නගරයේ බෞද්ධ හා කතෝලික තරුණ තරුණියන් එක්වී සතියක් පුරා සකස් කළ වෙසක් කූඩු තොගයකට ධර්ම චක්‍රය එක් පසෙකත් අනෙක් පසක කුරුසයත් සංකේත කරමින් ප්‍රදර්ශණය කිරීමට යාමේදි ඒ සඳහා විරෝධයක් එල්ල විය.  පසුව පුත්තලම භාර ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත ප්‍රදේශයේ  සාමය ආරක්ෂා කිරීමට සාලියවැව පොලිසිය මගින් මෙම කුඩු ප්‍රදර්ශනය නවතා දැමීමට කටයුතු කර තිබුණ බ වැඩිදුරටත් එහි සදහන්ය.

වෙසක් කුඩු ප්‍රදර්ශනය  තහනම් කිරීමත් සමග  සමග එවා සකස් කල පිරිස් අතර නොසන්සුන් තාවයක් මතුව තිබුනී .

මෙහිදී ඇතිවූ නොසන්සුන්තාවයක් සමග අවට පොලිස් ස්ථාන කීපයක් නිලධාරින් ප්‍රදේශයේ ආරක්ෂාවට කැඳවා තිබූ අතර පොලිස් නිලධාරීන් බලා සිටියදීම මෙම කූඩු ප්‍රදර්ශනයට ඉඩ නොදීමට විරෝධය දක්වා සුළු ප්‍රමාණයක් පුළුස්සා දැමීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි.
මෙහිදී මෙම කූඩු සැකසීම භාරව කටයුතු කළ සාලියවැව තරුණ සංගමයේ උප සභාපති  විශ්ව ලක්මාල් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

“ අපි බෞද්ධ, කතෝලික කියලා නෑ සියලු දෙනාම එකමුතුව තමා වැඩ කරන්නේ. ඒ නිසයි වෙසක් එකටත් මේ ආකාරයට වෙසක් කූඩු ප්‍රදර්ශනයක් කරන්න කටයුතු කලේ… එහිදී වෙසක් කුඩුවේ එක් පසෙක ධර්ම චක්‍රයත් අනෙක් පසක කුරුසයත් යොදමින් අපි සංකේතවත් කලේ සාමය සමගිය මිසක් වෙනදෙයක් නොවෙයි. නමුත් ඒ සඳහා මේ වනවිට එල්ල වූ බාධාව ගැන අපේ විරෝධය පානවා යැයි ඔහු පැවසීය.

මෙම කටයුත්තට විරෝධය මතු කළ කරුවල ගස්වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අලුත්ගම ශ්‍රී ලුම්බිනි විහාරයේ විහාරාධිපති මානෑවේ පඤ්ඤාරාම හිමියන් පවසා සිටියේ මෙවැන්නකි.

“අපි කිසිම විටක ආගමකට විරෝධයක් දක්වා නැහැ මගේ පන්සල ඉස්සරහ තියෙන කතෝලික දෙවස්ථානයේ සෑම කටයුත්තකටම අපි දායකවෙනවා. නමුත් ඒ දායකත්වය දුන්නා කියලා කවදාවත් ධර්ම චක්‍රය පල්ලියේ  ප්‍රදර්ශනය කරන්න කියලා නැහැ‘‘

‘‘ආගමකට අදාල අනන්‍යතාවයක් තිබෙනවා. ඒ අනන්‍යතාවය ආරක්ෂා කිරීම පමණයි මා කලේ.. නැතුව කිසිම ලෙසකින් මා වෙනත් වැරදි ක්‍රියාවක නිරත වී නැහැ.‘‘

කතෝලික බෞද්ධ ආගමික සංහිඳියාවක් අලුතින් අපිට වුවමනා නැහැ. අපි එදා ඉඳලම සංහිඳියාව පෙන්වා තිබෙනවා. සංහිඳියාවට කියලා මේ වගේ දේවල් කරන්න අපි ඉඩ ලබාදීම අනුවණකමක්… මොකද සෑම ආගමකම තියෙන ආගමික අනන්‍යතාවය ඒ ආගම තුළ රඳවා ගන්නවා මිසක් තවත් ආගමක් අස්සේ රැඳවීම මා අනුමත කරන්නේ නැහැ…‘‘ යැයි ද පඤ්ඤාරාම හිමියෝ පැවසූහ..
මෙම ලංකාදිප පුවත විසින් රටක හෙළිකර සිටින යාථාර්තයක් වෙයි .එනම් සැබෑ ආගමික සංහිදියාව යනු එය හදවතින් මතුවිය යුත්තක් මිස කිතුණු ආගමික නායකන්ගේ උපදෙස් මත බොදුනුවන් හා එක්ව වෙසක් කඩු හැදිමෙන් හෝ පල්ලිවල කුඩු ප්‍රදර්ශනයෙන් හැදිය නොහැක්කක් බව දැන්වත් තේරුම්ගත යුතුව තිබේ.
ඇතැම් කිතුණු නායකයන් මේ මොහොතේ වඩාත් බෞද්ධයන් ලෙසින් පෙනි සිටිමින් අනියමින් ගෙන යන දේශපාලන න්‍යාය පත්‍රය ගැනද කිතුණූ  ජනයා වඩාත් අවධානයෙන් සිටිය යුතුව තිබේ.
ඡායා සහ මුලාශ්‍රය- lankadeepa.lk

image 13a1a40131image 5b56b7f03aimage 70481c3997image ea34428569

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here