බොදුන සැදැහවතුන්ට මීගමු මුසල්මානුවන්ගෙන් වෙසක් සුභ පැතුම් !

0
277

vesak smg 4vesak smg 3

(9.45 am ) මුස්ලිම් අන්වාදින්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කටුවපිටිය  දේවස්ථානයෙ සිදුවු මහා  ඛේදවාචකය හේතුවෙන් මිගමුවේදි දෙදරා ගිය ආගමික සංහිදියාව යළි ගොඩනැගිම සදහා කතෝලික ආගමික නායකයන් මෙන්ම මුස්ලිම් ආගමික නායකයන්ද මහත් වෙහෙසක් ගනිමින් සිටිති.
මේ අඛණ්ඩ උද්සාහයන්ගේ ප්‍රථිපල ලෙසින් ඇවිල යමින් තිබුන හොද හිත දැන්   මේවන විට  යම්  තරමකට  හෝ  සමහන් වී  ඇත.
පසුගිය  දිනවල  මුස්ලිම්  ප්‍රජාවගේ  ආගමික  කටයුත්තක්  ලෙස  රාමසාන්  උපවාසය  සමය ඇරඹි අතර ඊයේ සිට රටම වෙසක් උත්සවය වෙනුවෙන් පෙළගැසි සිටිති.
රට තුල කල්පවතින සාමයක් වෙනුවෙන් වෙසක් සැමරුමට බොදුනු මෙන්ම බොදුනු නොවන කොටස්ද එක්ව සිටින අයුරු අපි දුටිමු.
මේ අතර බිය තවමත් පහව නොගොස් ඇති නිසා පසුගිය  දින  කිහිපය  තුළ  තමන්ගේ  ජීවිතයට  තර්ජනයක්  සිදුවේදෝයි  යන  සැකය ද  සහිතව  ඔවුන්  සිය  ආගමික  වත්පිළිවෙත් වල  නිරතවූ  බව  අපි  දනිමු.
තවමත්  බිය  එසේම  තිබියදී  වෙසක්  උත්සවය  සමරණ  බොදුනු  ජනතාව  වෙනුවෙන්  තම  සුභ  පැතුම  මීගමු  නගරයේ  ස්ථාන  කීපයක  ප්‍රදර්ශණය  මුස්ලිම් පල්ලිය පියවර ගෙන තිබුණි.
මේ අතර මීගමුව ඉතිහාසයේ පළමු වතාවට පෙරියමුල්ල නගරයේ  මහපාර පුරාවට බොදුන කොඩි රදවා ඇති අයුරු නිරික්ෂණය කළ හැකිවිය.
මේය කාටත් නෙත ගැටි තිබුනේ ඉතිහාසයේ කිසි දිනක පෙරියමුල්ල නගරයේ බොදුන කොඩි වලින් සරසා තිබිම නිසා විය හැකිය.පෙරියමුල්ල 1
වාර්තා වන්නේ වාහනයකින් පැමිණි හිමිනමක් තරුණයන් පිරිසක් සමගින් මේ සැරසිල්ල කර තිබුණ බවය.
සංහිදියාව හැදිය යුත්තේ හදවත් තුල අවංකව ඇතිවන පහන් සිතුවිලි ඔස්සේම පමණි.
බිදුනු සිත් යාකළ හැක්කේ මේවා ගැඹුරින්ම තේරුම් ගෙන කටයුතු කිරිමෙන් මිස බලහත්කාරයෙන් හෝ ප්‍රචාරත්මක මාධ්‍ය සංදර්ශණ වලින් නොවන ඉතිහාසය අපට පසක් කර දෙමින් ඇති අනිවාර්ය සත්‍යයයි.