කටුවපිටිය දෙවස්ථානයේ ම්ලේච්ඡ මිනිස් ඝාතනය සිදුවී අදට මසක් ගතවී ඇත. එදා දේවස්ථානය තුළ පිපිරුනු බෝම්බයේ දෝංකාරය අප සියළු දෙනාගේ හදවත්තුළ තවමත් දෝංකාර දෙයි . 21 වන ඉරුදින සිදුවූ එම සිදුවීම නිසා මියගිය අය සිහිකිරීමට අද ස්ථාන කිහිපයක පහන් පූජාවන් පැවැත්වින. මීගමුව මුහන්දිරම් පිටිය අසල පැවැත්වූ පහන් පූජාව සංවිධානය කර තිබුනේ ජාතික ධීවර සහයෝගීතාවය සහ එම සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය විසිනි. මියගිය අයගේ ජීවිත ඉතා වටිනා ජීවිත බවත්, සියළු දෙනාගේ යහපත වෙනුවෙන් ඔවුන් තම ප්‍රාණය පරිත්‍යාග කළ බවත්, මෙම අවස්ථාවට සහභාගී වූ දේශක මහත්ම මහත්මීන්ගේ අදහස ලෙස ප්‍රකාශයට පත්විය.