කාර්දිනල් හිමිට පරික්ෂණ සැකයිලු!ඇයි හිමියනි ජනපති ඒකට අකුල්හෙලන නිසාද?

0
225

CARDINAL 1සෙසු සිද්ධීන්වල පරීක්‍ෂණ මෙන් මෙම සිද්ධියේ පරීක්‍ෂණද නිසි පරිදි සිදු නොවීමට ඉඩ ඇති බවට තමාට සැකයක්ද පවතින බවයි කාදිනල්තුමන් ප‍්‍රකාශ කර ඇති බව මාධ්‍ය ඔස්සේ මේ වන විටත් ප්‍රචාරයට ලක්ව තිබේ.

දූෂණය නොමැති කිසිඳු තැනක් ශී‍්‍ර ලංකාවේ කිසිම තැනක නොමැති බවද  සියළු දෙනා නීතිරිති උල්ලංඝණය කිරීමට පුරුදු වී ඇති බවද කාදිනල්තු හිමියන් එහිදි තවදුරටත් ප්‍රකාශ කොට තිබුණි.මේ ප්‍රවෘත්තියට හිරු වැනි නාලිකා විසින් විශාල කාලයක් වෙන්කරමින් සිය ප්‍රවෘත්ති විකාශයේදි විකාශය කොට තිබුණි.කාර්දිනල් හිමියන්ගේ මේ ප්‍රකාශකයේ අන්තර්ගතය කුමක්ද.රටම දන්නා පරිදි මේ පාස්කු දින ප්‍රහාරය පිලිබදව දැනට ක්‍රියාත්මක තේරිම් කාරක සභාවට මේ වන විට ජනපති සිරිසේනගෙන් විවිධ බාධාවන් සහ බලපෑම් එල්ලවන්නට පටන්ගෙන තිබේ.දැන් එය රටම දන්නා කරුණකි.තතුඑසේව තිබියදි කාර්දිනල් හිමියන් විසින් සිදුකරන්නට යෙදුන සැකයි යන ප්‍රකාශකයෙන් කියැවෙන්නේ මේ බාධාකිරිම් ගැන වියහැකියැයි අපට අනුමාන කරනවා හැරෙන්නට එවැනි වියුක්ති ප්‍රකාශයක් කියවාගැනිමට රටේ ජනතාවට වෙන්යම් විදියක් ඇත්තේම නැත.එබැවින් ඉදිරි දිනකවත් කාර්දිනල් හිමියන් විසින් තමන් සැක කරන්නේ කාගැනදැයි වඩාත් සංයුක්ත ලෙසින් ප්‍රකාශ කරනු ඇතියි අප බලා සිටිමු.