කිතුණු නායකයන්ගේ නත්තල් උත්සව වර්ජනය ගැන විවේචනයට ලක්වේ.

0
284

Negombo-News ඊයේ මීගමුව මහනගර සභාවේ පැවති මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමෘද්ධි සංගම්වල නත්තල් උත්සවය සදහා ප්‍රධාන ආරාධිතයන් ලෙසින් පැමිණිමට නියමිතව සිටි කිසිදු ආගමික නායකයෙක් මේ සදහා සහභාගි නොවිම කාගේත් කථාබහට ලක්වය තිබුණි.

මීගමුව මහනගර සභාවත් සමගින් ඇති ගැටළුවක් හේතුවෙන් සමෘද්ධි ක්‍රියාකාරින්ගේ දූදරුවන් ඇතුළු සමාන්‍ය ජනතාව බහුතරයක් සහභාගිවි සිටි මෙම උත්සවය වෙනුවෙන් සමෘද්ධි නිළධාරින්  ඇතුළු සමාජ සාමාජිකාවන් විශාල මහන්සියක් දරා තිබුණි.

මෙහිදි විශේෂයෙක්ම අදහස් දක්වමින් නගරාධිපති ඇන්ටන් ජයවිර මහතා අවධාරණය කර තිබුනේ ආගමික නායකත්වය මේ සදහා සහභාගි නොවුයේ තමන් නිසා බව පැවසීය.

ක්‍රිස්තුන් වහන්සේගේ  දහමේ  හරය සැමට කරුණාව දැක්විමය බවද ඔහු පවසා සිටියේය.මේ උත්සවය සදහා බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා සහ ඇමති සරත් ගුණරත්න මහතාද සහභාගි වි සිටියහ.

ආර්ථක සංවර්ධන කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ  ආරක්ෂයන් සියල්ල පැමිණ සිටි නමුදු අමාත්‍යවරයා පැමිණ තිබුනේ නැත.