අතාරින්න ඕනෙ එකෙක්ට පුළුවන්. ඒත් සටන් කරන්න හැමෝටම බෑ!

0
231

FB_IMG_1561272810318“කාලෝස් බ්‍රැත්වේට්..රිමෙම්බර් ද නේයිම්”
by – Bhathiya Arthanayake

2016 පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසන් පන්දුවාරයට ලකුණු 19 ක් ඕනේ වෙලාවේ පිටපිට හයේ පහර හතරකින් බ්‍රැත්වෙයිට් බෙන් ස්ටෝක්ට සලකලා කොදෙව්වන් ජයග්‍රහණයට කැදවාගෙන ගිය වෙලාවේ ඉයන් බිෂොප් මහ හඩින් කෑ ගැහුවා.FB_IMG_1561272806241

ඒ නම ආයෙත් ලෝකෙට මතක් කරන්න බ්‍රැත්වෙයිට් ඊයේ සමත් වුණා. සටන පරාදයි. නමුත් පැරදුනේ සටන් කරලා. බන්දේසියක තියලා පුදලා නෙවෙයි.

නවසීලන්තය ගහපු ලකුණු 291 එලවගෙන ගිය කොදෙව් ලකුණු පුවරුව විටෙක 211 යි කඩුළු අටයි. එකම විශ්වාසය බ්‍රැත්වෙයිට් විතරයි. ඔහු එක අන්තයක අල්ලගෙන ගහගෙන එනවා. 245 දි නවවෙනි කඩුල්ල ෂෙල්ඩන් කොට්ට්‍රල් දැවී යනවා.

තරගෙයේ 47 වන පන්දුවාරය නිමාවේදී ලකුණු 33 ක් ඕනේ දිනන්න. පන්දු 18 යි ඉතුරු. එක කඩුල්ලක් දැවී ගියොත් සේරම ඉවරයි. මැට් හෙන්රි දාපු 48 වෙනි ඕවරේට බ්‍රැත්වේට් ගහනවා ළකුණු 25 ක්. 2,3,4 පන්දුවලට පිට පිට හයේ පහර තුනක්. ඔහු සිය පලමු එක්දින ශතකයට යනවා පන්දු 80 කින්.

49 වෙනි පන්දුවාරයේදි ගහපු පාරක් සීමා ඉරට අත්‍යාසන්නයේදි ට්‍රෙන්ට් බෝල්ට් අතේ හිර වෙනවා. මැච් එක කොදෙව්වෝ ලකුණු 05 කින් පරාදයි.FB_IMG_1561272810318

පලමු ජායාරූපයේ තියෙන්නේ දෙදණින් ඇදවැටිලා පරාජය ගැන දුක්වෙන බ්‍රැත්වේට්ව කේන් විලියම්සන් සනහන එකක්. අතාරින්න ඕනෙ එකෙක්ට පුළුවන්. ඒත් සටන් කරන්න හැමෝටම බෑ.

බ්‍රැත්වෙයිට්. රිමෙම්බර් ද නෙයිම්. ❤

භාතිය අත්තනායක