පිල්ලෑව පාරේ අනවසර කඩ කාමර නැවත විවෘත කරයිද?

0
157

IMG-20190702-WA0003

 

පසුගිය  ජූනි  28  වනදා    මීගමුව,   දළුපත  ,  පිල්ලෑව  පාරේ   අනවසරයෙන්    විවෘත  කිරීමට  සූදානම්  කළ  කඩකාමර  4ක්   කොච්චිකඩේ   නගරසභාවේ   තාක්ෂණික  නිලධාරීනිය පැමිණ  විමසා  බලා  එහි  වැරදිසහගත  බව  පෙන්වා  වහාම  එය  නතර  කරන  ලෙසට  මෙහි  අයිතිකරුට  අවවාද  කරන  ලදී.   නමුත්  මේවන  විට  නැවත වරක්  එහි  ඉදිකිරීම්  කටයුතු  සිදුවන  බැවින්  ප්‍රදේශවාසීන්ගේ  විරෝධතාවය  මැද  එසේ  නැවත   මෙම  ගොඩනැගීම්  සිදුවන්නේ  කෙසේදැයි   සුපර්සෝනික්  පදනමේ  සභාපති  විසින්  දුරකථන  මාර්ගයෙන්    දිනිති  මහත්මියගෙන්  විමසා  සිටින  ලදී.  මේ  අනුව  ඇය  නැවත  ගොස්  මේ ගැන  විමසා  බලන  බවට  පොරොන්දු  විය.  මෙය  මෙම  පාරේ  යනඑන  අයට  ඉමහත්  පීඩාවක්  ගෙනදෙන්නක්  බව  අප  විසින්  මීට  පෙරද  සඳහන්  කළෙමු.IMG-20190702-WA0000

ප්‍රශ්ණය   වන්නේ  දුප්පතෙකු  මෙවැනි  කටයුත්තක  නියැළුනහොත්  වහාම  ක්‍රියාත්මක  වන  නගරසභාවට  මේ  තැනැත්තාගේ  ක්‍රියාව  නතරකළ  නොහැක්කේ  මන්ද  කියාය. එසේම  සුපර්සෝනික්  පදනම  විසින්    මෙය නතරකිරීමට  අදාලව  ඉල්ලීමක්  කරමින්  ලියනලද  ලිපියක්   මීගමුව  මහ නගරසභාවේ   නාගරික   කොමසාරිස්   වෙත  භාරදෙනමෙන්  කියා  තාක්ෂණික  නිලධාරිණියට  භාරදෙන  ලදී.   අප  අද දින  ඒගැන  විමසූ  අතර  ඇය  එම  ලිපිය මීගමුව  මහ නගරසභාවේ  නාගරික  කොමසාරිස්  තුමියට  භාරදුන්  බව  ප්‍රකාශ කළාය.

දැනට  මහල්  තුනකින්  සමන්විත  මෙම  වෙළසැලේ  කළින්  අයිතිකරුව  සිටි  අයට    ගත නොහැකිව  තිබුනු  බිල්ඩින්  සහතිකය    මොහු  දින  කිහිපයකින්  ගෙන ඇතිබව   ගම්වැසියෙකු  පවසයි.  එසේම  අනවසර  වැඩක් බව  දැන දැනත්  කිසිදු    වගවිභාගයක්  නොසළකා  හැර  කටයුතු   කිරීමට  මොහුට  හැකිවී  ඇත.  මේ  ගැන  අදාල  නිලධාරීන් ද  ඇල්මැරුනු  ස්වභාවයකින්  කටයුතු  කරයි.   මේ නිසා  මෙකී  නිලධාරීන්  සහ  ගොඩනැගිල්ලේ  අයිතිකරුද  සමඟින්    ප්‍රදේශවාසීන්  ගොනාට  ඇන්දවීමට  උත්සාහ  කරනවාදැයි  සැකයක්ද  මතුවී  ඇත.