කාවින්ද ඇතුළු මිගමු එජාප නායකයන්ට සංගීත්ගෙන් අභියෝගයක් !

0
98

Screenshot_20190716_215839_com.facebook.katanaScreenshot_20190716_215629_com.facebook.katanaසංගිත් කියල කියන්නේ මෙවර පළාත් පාලන මැතිවරණයෙන් මිගමුව මහනගර සභාවට තේරිපත්වුණු සියළුම මන්ත්‍රිවරුන් අතුරෙන් ප්‍රතිපත්තිගරුක ප්‍රධානතම මන්ත්‍රිවරයා යැයි අවිවාදයෙන්ම සදහන් කළ හැකි තැනැත්තාය.
ඔහු තේරි පත්ව තිබුනේ එජාප වෙනුවෙන් මීගමුව දූව කොට්ටාශයෙනි.
අගමැති රනිල් වික්‍රමසිංහ විසින්ද කුලියට ගෙන ඇති මහින්දගේ කොන්ඩම් න්‍යායයට අනුව මීගමුව ආසන සංවිධායකධුරය රොයිස් විජිත මහතාගෙන් උදුරාගෙන කාවින්ද ජයවර්ධන නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට පවරා තිබුණි.
එසේ බලන කළ රාජපක්ෂලා මෙන්ම වික්‍රමසිංහලාද අනුගමනය කරනු ලබන්නේ කොන්ඩම් න්‍යායයි.
කෙසේ වෙතත් මෙසේ කාවින්ද ජයවර්ධන විසින් ලබාගත් කප්පම් ආසන සංවිධායකධුරය යටතේ මීගමුවේ දේශපාලනය යනු මුහුණු පොත යනුවෙන් හිතාගෙන මාධ්‍ය සංදර්ශන පවත්වින් සිටිමය.
මේ සංදර්ශණ වලට සැබැවින්ම කොන්ද කෙලින් තියාගෙන අභියෝග කරන්නට හැකිව තිබුනේ සංගීත්ලා වැනි ප්‍රතිපත්තිගරුක මන්ත්‍රින් අතලොස්සකට පමණි.
මේ අනුව සංගීත් මන්ත්‍රිවරයා විසින් මිගමුව ආසන සංවිධායක කාවින්ද ජයවර්ධන ඇතුළු මිගමුවේ එජාප නායකයන් යැයි කියන පිරිසට පැහැදිලි අභියෝගයක් කර සිටි.
එනම් කාවින්දලා පම්පෝරි ගසන රුපියල් කෝටි 30 න් කිසිදු මුදලක් සංගිත් නියෝජනය කරන කොට්ටාශයට ලැබි නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි.
මේ අභියෝගයට කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වෙනුවෙන් බුකියේ පිළිතුරු සපයා ඇත්තේ බුකි වාචාලයෙකු සේ සැලකෙන ඩෙනික් තිසේරා නැමැත්තෙකි.
සැබැවින්ම ඩෙනික් යනු  වාචාලයෙකි.
කාවින්ද වැනි වෛද්‍ය උපාධියක් හදරා ඇති අයෙකු ඩෙනික්ලා වැනි මැට්ටන් ගැන තීන්දුවක් ගත යුතුව තිබේ.
කෙසේ වෙතත් සංගීත් විසින් කාවින්දට සිදුකර ඇති අභියෝගය නම් කෝ රුපියල් කෝටි 30 යනුවෙනි.
ජාඇලින් මිගමුවට පැරිෂුට් ක්‍රමයෙන් පැමිණි කාවින්දලා කල්පනා කරන්නේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් දේශපාලනය කළ ලංසා පවුල ගෙම්බා පොලවේ ගැසුවා මෙන් නන්නත්තාර කරන්නට ඇපකැපවි වැඩ කළ සංගිත්ලා වැනි තරුණ දේශපාලකයන් ආසන සංවිධායකවරයාගේ දෙපතුල නැමැදිමට එන්නේ නම් පමණක් ප්‍රතිපාදන දෙනවා කියාය.

සංගීත් පෙරේරා
සංගීත් පෙරේරා

එහෙත් සංගිත්ලා මිගමුව තුල දේශපාලනය කළේ කොන්ද කෙලින් තියාගෙනය. නැතිනම් කාවින්දලාට ඕනා විදියට කොදු නමන්නට නෙමේය.
එබැවින් කාවින්දලා කියල් රු කෝටි 30 ට මොකද වුනේ යැයි අසන්නට හැක්කේද එවන් ප්‍රතිපත්තිගරුක සංගිත්ලා වැනි උන්ට මිස දවල්ට කාවින්දට වදින රෑට ලංසාට වදින වෙනත් නගාරික මන්ත්‍රිවරුන්ට නම් නෙමේය
එබැවින්  ඒ මුදල්වලට සිදුවුයේ කුමක්දැයිද අසන්නට තරම් සංගීත් නිර්භිතය.
සැබැවින්ම සංගීත් එසේ ඇසිය යුතුය .
මන්ද මේ ජුලි මාසයයි.
1983 ජුලි මාසයේදි දමිල ජාතිකයන්ගේ කඩ කඩා බඩු හොරකම් කළ පට්ට හොරුන් පිරිසක්ද දැන් කාවින්දගේ සමිපතම ගෝලබාලයන් බැවිනි.