spot_img
spot_img
Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice පාස්කු ප්‍රහාරයට ජුලි 21 මාස 3 යි ! ජනපති යළිත් ආවේශ වෙයි...

පාස්කු ප්‍රහාරයට ජුලි 21 මාස 3 යි ! ජනපති යළිත් ආවේශ වෙයි ! මැරිය යුතු බව පන්සලේදිත් කියයි !

0
82
my31
පාස්කු ප්‍රහාරයේ තෙමස් සැමරුම ජුලි 21 වෙනිදාට යෙදි තිබේ. තෙමස් සැමරුමත් සමගින් ඒ මරණ වල දේශපාලන වාසිය ගැනිම සදහා විවිධ කණ්ඩායම් පිටිය සකසමින් සිටින බැව් වඩාත් පැහැදිලි ලෙසින් නිරික්ෂණය කළ හැකිව තිබේ.
මේ අතර ජනාධිපතිවරයා ඉදිරියට පැන වැර යොදා සිය පුද්ගලික ගිණුමට ලකුනු එකුතු කිරිම සදහා තැන නොනැතන නොබලාම ජනප්‍රිය දේවල් කියන්නට පටන් ගෙන තිබේ.
එනම් මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අප්‍රෙල්  21 වනදා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ක්‍රියාවට අදාළ වගඋත්තරකරුවන්ට  හිමිවිය යුතු දඩුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බව ජනාධිපති සිරිසේන පවසා තිබුණි.
ජනාධිපති සිරිසේන මේ බව ප්‍රකාශ කර තිබුනේ  පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ (16) පස්වරුවේ එක් වෙමිනි.
 මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයකට මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් සදහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණි.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් සිදුකර තිබුණ මේ මරණ දඩුවම පිළිබද ප්‍රකාශය ඉතා පැහැදිලි ලෙසින්ම ජුලි 21 ට තෙමස් පිරෙන පාස්කු ප්‍රහාරයෙන් තම දේශපාලන න්‍යාය පත්‍රය සදහා තවත් වාසියක් අත්පත්කරගැනිම ඉලක්ක කොට ගෙන මෙවැනි ප්‍රකාශයන් සිදුකරනු ලබන ආකාරය පැහැදිලි ලෙසින් නිරික්ෂණය කළ හැකිව තිබේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ ප්‍රකාශ තිබුණ ආකාරයට  අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නිති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බව ඔහු එහිදි යළිත් වරක් අවාධාරණය කර තිබේ.මරණ දඩුවම මත්ද්‍රව්‍ය පිළිබදව වැරදිකරුවන් හට පමණක් යැයි  කියමින් ඇරඹි මෙහෙයුම දැන් ජුලි 21 දා ආසන්න වන විට පාස්කු ප්‍රහාරයේ වැරදි කරුවන් දක්වාම ඊයේ වන විට ගෙනගොස් තිබේ.