දිරිමත් මිනිසුන්ට දිරියක් වන මිනිහෙක් !

0
145

IMG-20190719-WA0023IMG-20190719-WA0021සංගීත්  යනු  මීගමුව  මහ නගරසභාවට   දූව  ප්‍රදේශයෙන්  පත්වූ  ජනතා  නියෝජිතයෙකි. සුළු  ව්‍යාපාරිකයෙකු  වශයෙන්  මාළු  අලෙවිය  ප්‍රධාන කොටගත්  ඔහු  ඒ  තුළින්  තම  ජීවනෝපාය සකසා  ගන්නා  නමුත්  තමන්  ගැන   පමණක්  නොසිතා    අනෙකාටත්  උදව්  කළ  යුතුය  යන  අදහස  ඔහු    තම  පියාගෙන්  ඉගෙනගත්   දහමකි.   මා  අද ඔහු  හමුවීමට   ගිය  අවස්ථාවේ  එක්තරා  තරුණයෙකු  ඔහු  සමඟ   යමක්  සාකච්ඡා  කළ  අතර   ඒ  ගැන  මා  විමසා  සිටියේ    ගැටළුව  කුමක්දැයි  දැනගනු  පිනිසය.  මෙහිදී  සංගීත්  ප්‍රකාශකළේ    එම  තරුණයාට  තමන්ගේ  කුඩා  පැල්පතේ   බිමට  සිමෙන්ති  අතුරා ගැනීමේ  අවශ්‍යතාවයක්  ඇති  බවයි.IMG-20190719-WA0025

ඒ  මොහොතේම  එකී  තරුණයාට  අවශ්‍ය  දේ  ලබාදෙනමෙන්  දූව  හන්දියේ  හාඩ්වෙයාර්  එකකට  ඇමතුමක්  ගත්  ඔහු  එහි  බිල  තමන්  ගෙවන  බවද  ප්‍රකාශ කරන ලදී.  මේ  අතර  මෙම  නිවස  දැක බලා  ගැනීමට  මමද  සංගීත්  සමඟ  එම  ස්ථානයට  ගියෙමි.  ඔහු  තමන්ගේ  වැඩක්  ලෙස  මෙම  කටයුත්තට  දායක  වන  ආකාරය  දුටුවෙමි.  එමෙන්ම  මේ  දරුපවුලද  ඉතා  සතුටින්    මෙම  කුඩා පැල්පතේ  බිම  සකසා  ගැනීමට  වෙහෙසෙන  අයුරු  දැක්කෙමි.  මෙම  සිදුවීම  තුළ  කියවෙන  බොහෝ  දේ  ඇති  නමුත්  එක  දෙයක්  පමණක්   නොකියා  බැරිය.  එනම්  කුඩා  දෙයක්  පරිත්‍යාග  කරමින්   විශාල  ප්‍රචාරයක්  මගින්   පම්පෝරි  ගසන  දේශපාලකයින්ට  මෙවැන්නක්   කෙසේ  වටහා  ගත  හැකිද  යන්නයි.නගරය පුරා රුපියල් කෝටි ගණන් වලින් ජනතාවට ප්‍රතිපාදන ලබාදුන්නා යැයි කියමින් ලාභ ජනප්‍රියත්වය පතා තාප්පවල පෝස්ටර් ඇලවු මීගමුවේ ඇතැම් එජාප නායකයන්ට ප්‍රසිද්ධියේ අභියෝග කළ සංගීත් මන්ත්‍රිවරයා කියා සිටියේ තම කොට්ටාශයේ ජනයා වෙත ශත පහක මුදලක් ඔය කියන කෝටි ගණන් වලින් ලැබි නැති බවය.
සැබැවින්ය එය සත්‍යයකි.
තාප්ප වනසන පෝසටර් දේශපාලකයෝ පොර ටෝක් දෙද්දි සංගීත් ඉතා නිහතමානි ලෙසින් සිය දුත මෙහෙවරය සමාජ ගත කරයි.
සැබෑ කිතුණුවන් යනු කාර්දිනල් මැල්කම් රංජිත් හිමි අතට අත දෙන ජායාරුප සිය මුහුණු පොතේ ප්‍රොෆයිල් පින්තුරට දාගෙන කිතුණු කමටත් නිගා දෙන කප්පර දුෂිත වැඩකර ඇති සිදුකර ඇති කලු සල්ලිකාරයන්ට නොව සැබැවින්ම ජේසුතුමන් දුත මෙහෙවර සාමාජ ගතකරන්නට මහන්සි ගන්නන්ය.