කටුවාපිටියේ අන්තවාදින් සුළුතරයගේ වර්ගවාදයට අභියෝග කරන කාර්දිනල් හිමිගේ සංහිඳියා දහම !

0
120

received_272165036912520 කාර්දිනල් හිමියන් යනු මේ ඇතිවු ව්‍යසනය හමුවේ විශේෂයෙන්ම කිතුණු ජනයා අතර වෛරිත්වය කිසිවිටකවත් පෝෂණය කිරිමට වචනයකින් පවා ඉඩක් නොතැබු ආගමික නායකයාය.
ඒ නිසාම බොදුනුවන් අතරේද වර්ගවාදය හිතු ලෙසින් පතුරුවාලිමට සිංහල අන්තවාදින්ට නොහැකි විය.
ඒ මොහොතේදි එය සැබැවින්ම ඇති විය හැකිව තිබු විනාශයක් යම් පමණකට පාලනය කිරිමට බෙහෙවින්ම ඉවහල් වි තිබුණි.Periyamulla muslim community 2cardianla 2
DSC_0199FB_IMG_1556007965857ඇතැම් දේශපාලන බලවේගයවලද යම් අනුබලයන් සමගින් මිගමුවේදි පවා ක්‍රියාත්මක වු මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාරයන්හිදි විපතට පත් සහෝදර මුස්ලිම් ජනයා බැහැදැකිමට කාර්දිනල් හිමියන් පසුදා උදෑසනින් ම පැමිණිම ඒ ජනයාට මහත්වු අස්වැසිල්ලක්ම විය.
කාර්දිනල් හිමියන් ඒ අයුරින් සිය දුත මෙහෙවර ක්‍රියාත්මක කරමින් සිටියදි එයට හාත්පසින්ම වෙනස් මගක් ගත් අන්තවාදින් සුළුතරයක්  කටුවාපිටිය දේවස්ථානයේ දිව්‍ය පුජා යාගයකින් පසුව දිනක් පත්‍රිකාවක් බෙදා හැර තිබේ.( එය ඉතා සියුම් ලෙසින් සිංහල මුස්ලිම් භේදයක් පිළිබද පණිවිඩයක් සමාජගත කර තිබේ.)
ඒ ගැන පල්ලියේ පියතුමා දන්නේද නොදන්නේද යන්න අපැහැදිලි බව අප එදින ප්‍රශ්ණ කර සිටියෙමු.
කෙසේ වෙතත් පිටතට  ඒ දිනවල ගිය පණිවිඩය වි තිබුනේ  පල්ලියේ පුජාවෙන් පසු  බෙදු පත්‍රිකාව බෙදා ඇතැයි යන්නයි.
ඉන් පසුවද පල්ලිය ඉදිරිපිට තාප්පවල ජාතිවාදය මතුකරලද අන්දමේ පොස්ටර අලවා තිබුණි.ඒවා සෑහෙන කාලයක් ඒ තාප්පවල තිබෙන අයුරුද අප නිරික්ෂණය කළෙමු.
ඒ සියල්ල එසේ වෙද්දි මුස්ලිම් අන්තවාදින් අතලොස්සකගේ ප්‍රහාරයන් හේතුවෙන් ජිවිත වලින් වන්දි ගෙවන්නට සිදුව ගැහැණුන් මිනිසුන් සමරා තුන්මාසේ දානය මෙන්ම කටුවාපිටිය දේවස්ථානය පිළිසකර කොට යළි ආසිරි ගැන්විම ජුලි 21 දින ( අද) යෙදි තිබේ.
මුළු ගමම ඒ වෙනුවෙන් පෙළගැසෙද්දි අන්තවාදින් අතලොස්සක් රැ තිස්සේ පාරවල් ගානේ යමින් වෛරය පතුරුවන පොස්ටර අලවවිමින් සිටි.
මේ පිළිබදව පොලිසිය ඇතුළු අදාල බලධාරින් පවා සිටින්නේ විමසිල්ලෙනි.
කෙසේ වෙතත් අද දිනයේ මිය ගිය අය සමරා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් තුලින් පවා යම් දේශපාලන වාසි ගැනිමට මේ අන්තවාදින් පිරිස අරඅදින බවට රාවයක්ද පවති.
ඉන් සිදුවන්නේ වලන් කරුවාගේ වසරක වැඩ පොලුකාරයාට එක දවසක් වැනි වු අවාසනාවන්ත තත්වයකි.කාර්දිනල් හිමි ප්‍රමුඛ ගරු පියවරුන්ගේ සහ කන්‍යා සොහොයුරියන්ගේ මහන්සිය කැපවිම අපතේ හැරිමකි.
මේ සිහංල අන්තවාදි මතවාදයන් විසින් සිදුවිය හැක්කේ මුස්ලිම් අන්තවාදින්ට තවත් සමාජිකයන් එකතු කර දිම පමණි.මීගමුව දේදුණු නගරයක් ලෙසින් ලොවට දි ඇති ආදර්ශය විනාශකිරිමට කිසිදු අන්තවාදි බලවේගයකට ඉඩ දිය යුතු නැත.
ආගමික සමගිය ඇතිකිරිම තුල පමණක් ම්ලේච්ජ මුස්ලිම් අන්තවාදය පරාජය කළ හැක..
රිෂාඩ් බදුර්දින්ලා හෙටත් සිය පනින දේශපාලනයේ නියැලෙන බව අප අමතක නොකළ යුතුය.
එය බරපතල ලෙසින් තේරුම් නොගන්නේ නම් සිදුවිය හැක්කේ කුමක්ද ?
සැබැවින්ම දිගුකාලින නොවිසදුන අර්බුදයක රටගිල්වා දැමිම පමණි.