අක්මාවේ කොටසක් දන්දීමට ගිය කාන්තාවක් ඉන්දියාවේදී මිය යයි

0
206

Negombo -News කෑගල්ල  ප්‍රදේශයේ   කාන්තාවක් සිය අක්මාවෙන් කොටසක්  පරිත්‍යාග කිරීමට ගොස් ඉන්දියාවේ දී ශල්‍යකර්මයකට භාජනය වූ පසු  මිය ගොස් ඇති අතර ඇගේ දේහය ගුවන් මගින් ලංකාවට පසුගිය සෙනසුරාදා ගෙනෙන ලදී.

වයස 40ක් පමණ ඇති මෙම කාන්තාව සිය අක්මාවේ කොටසක් මුදල් සදහා දීමට සූදානම්වී ඇත්තේ මීගමුව ප්‍රදේශයේ රෝගියෙකු හට බැව් වාර්ථා වේ.
පුවත්පතක පළකර තිබූ දැන්වීමක් අනුව  මෙම කාන්තාව සිය අක්මාවේ කොටසක් මුදල් සදහා දිමට කැමැත්ත පළ කරමින් ඒ සදහා වන සැත්කමට භාජනය වීම සදහා ඉන්දියාවට ගොස් තිබේ.
මෙම කාන්තාවගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද මීගමුව රෝහලේදී   සිදුකරන ලදී.
මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් මේ පිළිබද විමසු විට ඔහු කියා සිටියේ අක්මාව සාමාන්‍යයෙන් වැවෙන නිසා කොටසක් දන්දීම සිදුකළ හැකි  නමුත් ලංකාවේ ඒ ආකාරයේ බද්ධ කිරීම්  දුලබ බවත් මෙම කාන්තාවගේ මරණයට හේතුව  දැනගැනිම සදහා  ඇගේ ශරිරයේ කොටස්  පරීක්ෂණය සදහා යවා ඇති බව පැවසීය.