කලපුවේ වැලි හොරකමක් .?

0
210

IMG-20190727-WA0029IMG-20190727-WA0030මීගමුව  කලපුව  සංවර්ධනය  සඳහා   මේ  දිනවල   හෑරිමේ  කටයුතු  සිදුවන  අතර   පසුගිය  8වනදා  මෙම  පස්  මගින්  සිදුවූ  හොර  මගඩියක්  සිදුකල  අය  අත්අඩංගුවට  ගැනීමට  දුන්ගාල්පිටිය  පොලීසියට  හැකිවී  ඇත.  මෙසේ  හොරකමක්  සිදුවන්නේය  යන  ආරංචිය  මත  ගම්පහ  දිස්ත්‍රික්  ග්‍රාමීය  ධීවර  සමීති  සම්මේලනයේ  සභාපති  ජෝසප්  පීටර්  මහතා  විසින්  කරනලද  විමසීමකින්  පසුව  දුන්ගාල් පිටිය  පොලීසියට   අදාල  තොරතුරු  ලබාදෙන  ලදී.

ජෝශප් පීටර් මහතා
ජෝශප් පීටර් මහතා

ඉකුත්  8වනදා   6.45 ට  පමණ සිදුවූ   මෙම  සිදුවීම  ගැන  අප  විමසා  සිටි  අවස්ථාවේ  ජෝසප්  පීටර්  මහතා  ප්‍රකාශ කළේ  උ.  පිටිපන  ,  ජම්බුගස්  වත්ත  පාරේ  ඇති  කරවල  වාඩියක්  ගොඩ කිරීම  සඳහා  මෙම  පස්  හොරපාරේ   ලබාගෙන  ඇති  බවයි.  R R  constrction  නම්වූ  කම්පැනියේ  රියදුරන්  තිදෙනෙකු  සහ  තවත්  වැඩබලන  අයෙකු  මෙහිදී  අත්අඩංගුවට  ගෙන  ඇත.  මීට  පෙරද  මෙම  කරවල  වාඩිය  ගොඩ   කිරීම  සඳහා  පස්  ලෝඩ්   දෙකක්  හොර පාරෙන්  මෙම  කරවල  වාඩියට  ගෙනගොස්  ඇත.කෙසේ  නමුත්  අත්අඩංගුවට  ගත් අයට  පොලීසිය  නීතිමය  කටයුතු  සිදුකරන  බවත්,  මේ  වනවිට  ඒසඳහා  නඩුවක්   පවරා  ඇති  බවත්  ජෝසප්  මහතා  අප සමඟ  පැවසීය.  මෙම   පස් පොදු  ස්ථාන  සඳහා  යොදාගැනීමේ  හැකියාවක්  ඇති  බවත්,  ඒ  අනුව  මෙම  පස්  දැමීම  සඳහා  අනුමත  වී  තිබුනු    දුන්ගාල්පිටිය  දේවස්ථානයට  යන  බව  හඟවා ඒ  මුවාවෙන්  ජම්බුගස්  වත්තට  පස්  සහිත  ලොරි  හැරවීමෙන්  තමන්ගේ  ජීවිකාව  ගෙනයන  රැකියාවද  අහිමිකර  ගැනීමට  මෙම  රියදුරන්  තිදෙනාට  සිදුවී  ඇති  බවත්,  තමන්  ඉදිරියේ  පිංසෙංඩු වෙමින්  සමාව  අයැද  සිටි  මෙම  රියදුරන්  තිදෙනා    වෙනුවෙන්  මේ  වනවිට   කළහැකි  කිසිවක්    තමන්ට නැති  බවත්   පීටර් මහතා  තවදුරටත්  පැවසීය.