කසිප්පු මරණ සහ ජනපතිගේ සිරිසේනගේ කසිප්පු විරෝධය !

0
79

MY32“නීතිවිරෝධී මත්පැන් පානය කළ 13ක් මියගිහින්”
– පුවතක්

“මම නම් කියන්නෙ කමක් නෑ කියල. මොකටද ඔය දහජරාව බොන්නෙ? කසිප්පු බීල මැරුණනම් කරන්න දෙයක් නෑ”
– ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

“විශාල මරණ සංඛ්‍යාව වෙලා තියෙන්නෙ අනවසර මත්පැන් බීමට සිද්ධ වීම නිසා. අනවසර මත්පැන් බොන්න සිද්ධ වෙලා තියෙන්⁣නෙ අවසර තියෙන මත්පැන් වල මිළ ගෙවන්න දුප්පතුන්ට බැරි නිසා”
– වාසුදේව නානායක්කාර

ජනපති සිරිසේන බලයට පත්වු විගස කියා සිටියේ කසිප්පු තිප්පොලවල් මාස 3 ක් ඇතුලත ඉවත් කළ යුතු බවය. ඒ වගකිම පොලිසියට පවරන ලදි.
එහෙත් එය කිසිසේත්ම සිදුකිරිමට ජනපති සිරිසේනට නොහැකි විය.
ඊට පසු යළිත් මෑතකදි කියා සිටියේ කිසියම් ප්‍රදේශයක තවදුරටත් කසිප්පු තිප්පොලවල් ඇත්තේ නම් අදාල පොලිස් ප්‍රදේශයේ ලොක්කන් සම්පුර්ණයෙන්ම ඊට වගකිව යුතු බවය.
එයද ආසාර්ථකය.
යහපාලනයේ සහ ජනපති සිරිසේනගේ මතට තිත නන්ත්තාර වි ඇත.ඒ වෙනුවට බාඳුරාගොඩ ප්‍රදේශයේ දුප්පත් මිනිසුන් 13 දෙනෙකු මේ වන විට කසිප්පු පානය හේතුවෙන් ජිවිතයෙන් සමුගෙනය. තවත් 12 දෙනෙකු මරණයට අතවනමින් රෝහල්ගතව සිටි.
මේ වන විට මුහුණ පොත හරහා මතුව ඇති සංවාදයේ කේන්ද්‍රස්ථානය වි ඇත්තේ වාසුදේව නානායක්කාර මහතා මතු කර ඇති ඇත්ත ප්‍රශ්ණයයි.
ජනපති සිරිසේන කැමති වුවද අකමැති වුවද මතට තිත කවදාවත් තැබෙන්නේ නැත. කළ යුතුව ඇත්තේ කසිප්පු වලට විකල්පයක් ලෙසින් අතේ ඇති ගානයට පානය කළ හැකි මත්පැන් වර්ග කිපයක හෝ මිළ අඩුකිරිමය.
එසේ නොකරන්නේ නම් තවත් බාඳුරාගොඩ තිප්පොලවල් රටේ වෙනත් තැන්වලින් මතුවිම වැලැක්විය නොහැකි වනු ඇත.
යතුර වැටුන තැන හොයන්නට දන්නේ නැති ජනපති සිරිසේන දැන් කරමින් සිටින්නේ එළිය තියෙන යතුර සෙවිමය.