මීගමුවේ නාගරික කොමසාරිස්වරියට මඟුල් ගෙදර යන්නත් නිළ රථය ඕනේලු ?

0
60

NGB-commisionar-1මීගමුව මහනගර සභාව එහෙම පිටින්ම නීතිය වල්වැදුන තැනක් බවට පත්වෙමින් තිබේ.දේශපාලන අධිකාරිය පිස්සු කෙලින ප්‍රමාණයට නොදෙවෙනි ලෙසින් ඇතැම් පරිපාලන නිළධාරින්ද කටයුතු කරමින් සිටිති.මෙහි ප්‍රධාන චරිතය දැන් රගදක්වන්නේ ප්‍රධාන පරිපාලන නිළධාරිණිය  වන කොමසාරිස්වරියයි.
අප දැනටමත් හෙළිදරව් කර ඇති පරිදි වත්මන් කොමසාරිස්වරිය සිය පුද්ගලික වාහනක් භාවිතා කරන අතර ඒ සදහා රුපියල් 75000 ක මුදලක් මාසිකව ගනු ලබයි .
තතු එසේව තිබියදි ඇය විසින් මහනගර සභාවේ දැනට කොමසාරිස්ධුරය වෙනුවෙන් වෙන්කර ඇති නිළරථයද භාවිතා කරයි .
නිදසුනක් ලෙස ඊයේ ( අගෝස්තු 05 ) දිනයේ නිවසේ සිට සිය පුද්ගලික වාහනයෙන් පැමිණි කොමාසාරිස්වරය මිරිගම පැවැති ජනපති පැමිණි උත්සවයකට යාම සදහා භාවිතා කර තිබුණි.
ඉන් අනතුරුව ඇය දිවුලපිටියේ පැවැති විවාහ මංගල්‍ය උත්සවයකට  ගොස් තිබුනේද මහනගර සභාවේ කොමසාරිස් නිලරථයෙනි.
විවාහ මංගල උත්සවයෙන් පසු ඇය සිය නිවසට ඇරලවාලන්නට කටයුතු කර තිබුනේද නිල රථයේ රියදුරාම විසිනි.
පවතින නීතියට කිසිසේත් අවනත නොවි කොමසාරිස්වරිය හිතුමතේ මෙසේ වැඩකරන්නේ නම් ඇය සෙසු නිළධාරින් සහ සේවකයන් පාලනය කරනු ලබන්නේ කෙසේද ?ම
මේ අනුව අද වන විට මීගමුව මහනගර සභාව දිනෙන් දිනම ආරාජික වෙමින් තිබේ.