spot_img
spot_img
Sunday, September 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice ගෝඨාභය නම් කළේ මම නොවේ ඔබයි ! මහින්ද එහෙම කිව්වේ ඇයි ?

ගෝඨාභය නම් කළේ මම නොවේ ඔබයි ! මහින්ද එහෙම කිව්වේ ඇයි ?

0
106
Mahinda_gotabayaසුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ ඊයේ (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයේ දී එම පෙරමුණේ නායකත්වයට පත් මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂගේ නම ප්‍රකාශ කිරීමේදී ” ගෝඨාභය නම් කළේ මම නොවේ ඔබයි” කියා කිහිප වරක්ම අවධාරණය කරනු ලැබුවේ, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය තවමත් සුදුසුකම් සපුරා නොමැතිබව ඔහු හොඳාකාරව දන්නා නිසා යයි ඒකාබද්ධ විපක්ෂයේ හවුල්කාර පක්ෂයක හිටපු මහජන නියෝජිතයකු පැවසිය.”ඔබේ පක්ෂයේ නායකතුමාට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නම් කියල විපක්ෂනායකතුමා දීලා තිබුන පොරොන්දුවට මොකද වුනේ ?” යයි අප කළ විමසීමේදී ඔහු එම සැකය මතු කළේය.

මේ වන විටත් ශ්‍රී ලංකා – ඇමරිකානු ද්විත්ව පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂව හදිසියේම ජනාධිපති අපේක්ෂකයා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී එල්ලවිය හැකි අවලාද වලින් ඇඟබේරා ගැනීමට මහින්ද රාජපක්ෂ එවැනි කතාවක් කළ වියහැකි යයි එම ප්‍රකාශයකයා කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය නම් කිරීමට පෙර රටේ ජනතාව විසින් ඔහු තෝරාගෙන සිටි බව ඊයේ (11) පැවති සම්මේලනයේදී පැවසු මහින්ද රාජපක්‍ෂ, තම සහෝදරයා අද පටන් රටේ සහෝදරත්වයට භාර දෙන බවද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් ලියා දුන් කතාව මහින්ද රාජපක්ෂ විසින් සම්මේලනය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ ටෙලිප්‍රොම්ටරයක සහයෙනි.

මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු දැක්වූ ඉහත දේශපාලන ප්‍රකාශකයා මෙසේද පැවසිය.

”මහින්ද රාජපක්ෂ කියන්නේ අධි පිරිමියෙක් .. එයා මිට ඉස්සර ඔයවගේ කතා කියල තියනවද ? තමන්ට ගන්න තියන ක්‍රෙඩිට් එක අනුන්ට දෙනවද ? මහින්ද මහත්තය හොඳාකාරව දන්නවා ගෝඨාභය මහත්තයට තියන නීතිමය බාධක මොනවද කියලා. අපේ පක්ෂයේ නායකතුමාටත් ඒ ගැන කිහිප අවස්ථාවක කියලා තිබුනා. එනිසා තමයි අපේ නායකතුමාටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සුදානම් කියලා මේ ඊයේ පෙරේරාත් කියල තිබුනේ.

ඇත්තටම ජනාධිපතිවරණයකට තවත් මාස කීපයක් තියද්දි මේ ඉක්මනින් ගෝඨාභය මහත්තයව නම් කළේ එයාට එල්ලවෙලා තියන නඩු වලින් යම් සහනයක් ගන්න. අධිකරණයට පොඩි බලපෑමක් කරන්න. නැත්නම් අර මැදමුලන නඩුවට හිරේ දාන්නත් ඉඩ තියනවා. ගෝඨාබය මහත්තයා තාමත් ඩුවෙල් සිටිසන් කෙනෙක්. ඒ නිසා ජනාධිපතිවරණයක් එද්දී එතුමාට ඇමරිකානු පුරවැසිකම ඉවත්කර ගන්න බැරි වුණොත් අපේ පක්ෂයේ නායකතුමාට චාන්ස් එකක් තියනවා” එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අපේක්ෂකයා වෙනස් වෙන්න පුළුවන් – දුමින්ද

මේ අතර ශ්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම දෙපාර්ශ්වය අතර කෙරෙන සාකච්ජාවලටද බධාවක් නොවන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

මහින්ද රාජපක්ෂ විසින් ”ගෝඨාභය නම් කළේ මම නොවේ ඔබයි” කියා සම්මේලනයේදී කළ ප්‍රකාශය ගැන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අනුරාධ විජේසුරිය සිය FB පිටුවේ පළකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ.

තොපේ කැමැත්ත ,මළයා බාරදෙනවා පස්සේ කුනු කුනු ගානවා එහේම නෙවෙයි
මොකද ඌ මගේ මළයා
newstube.lk

Screen Shot 2019 08 12 at 9.24.40 AM