මීගමුව සුරාබදු කොට්ටාශය කසිප්පු තිප්පොලවල් 20 ක් වටලයි !

0
284

කසිප්පු

අයතා ලෙස  මුදල්  ඉපයීමේ  මාර්ග පිළිබඳව    මීගමු  නගරයද  ප්‍රසිද්ධ  ස්ථානයක්  උසුලයි.  මේ  අනුව  මත්පැන්  සඳහා  අවශ්‍ය  ස්ප්‍රීතු  පෙරීම  හොර රහසේ  කරගෙන යන  ස්ථාන  පිළිබඳව  අපට  දැනගන්නට  ලැබෙන්නේ  ඒවා  පිළිබඳව  කටයුතු  කරන  පොලීසිය  සහ  සුරාබදු  ස්ථාන  මාර්ගයෙනි.
වාර්තාවල  දක්වා  ඇත්තේ  මීගමුව, කටාන,  දිවුලපිටිය, දුන්ගාල් පිටිය,  කොච්චිකඩේ,  සීදූව,  ගම්පහ,  බෙම්මුල්ල,  වේයන්ගොඩ  ,  කටාන,  ඇවරිවත්ත  යන  පොලිස්  වසම්  වලට  සම්බන්ධව  කරනලද  වැටලීම්ය.  මීගමුව,   කටාන,  මිනුවන්ගොඩ  යන  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාශ  තුනෙහිම  සුරාබදු  මධ්‍යස්ථානය  ලෙස  ක්‍රියාත්මක  වන්නේ  මීගමුවයි. මීගමුව  සුරාබදු  ස්ථානයේ  ස්ථානාධිපති  රොෂාන්  පෙරේරා  මහතා  විසින්  අපට  ලබාදුන්  තොරතුරු  අනුව    2019  මෙම  අඩවසර  තුල  පමණක්  නීතිවිරෝධී  ලෙස  ස්ප්‍රීතු  පෙරනලද  ස්ථාන  20ක්    ග්‍රහනයට  ගැනීමට  ඔවුන්  සමත්වී  ඇත.
එසේම  නීතිවිරෝධී  ස්ප්‍රිතු   ලඟ  තබාගැනීම  සම්බන්ධව   පමණක්   ස්ථාන   309ක්  වාර්තා  කරයි.  මීට  ලීටර්  500 ට  වැඩි  ස්ප්‍රීතු  බැරල්  දෙකක්ද   අයත් බව  සඳහන්  කරයි. පසුගියදා   13දෙනෙකුගේ  මියයාම  ආරංචි වූයේ  මිනුවන්ගොඩ  බාඳුරාගොඩ  ප්‍රදේශයෙනි.   මේ  සියල්ලට  මූලිකත්වය  ගෙන  කටයුතු  කරන්නේද  එක්කෝ  ව්‍යාපාරිකයෙකි.  නැතිනම්  දේශපාලනඥයෙකි.  ඉහත  සඳහන්   බාඳුරාගොඩ  සිදුවීම විශාල  අපරාධයකි.  ඒනිසා  පුරවැසියන්    ලෙස  සමාජයේ  පවතින  මෙවැනි  අසාධාරණ  සහ අහිතකර  ව්‍යාපාර    වලට  විරුද්ධවීමත්,  ඒවාගැන  අවධියෙන්  සිටීමත්  වැදගත්වේ.