බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් අලෙවිකළ තැන් 40 ක් වටලයි !

0
129

liquorstore-1මත්ද්‍රව්‍ය   රටින්  තුරන්  කරන  බවට  කියන  කථා    පසුගිය  දිනවල  T V   චැනල්වලින්  ඕනෑතරම්  අසන්නට  සහ  දකින්නට  ලැබිණ.
මේ  කථා  වලින්  වැඩිපුරම  අදහස්  දැක්වූයේ  රටේ  ජනාධිපති වරයාය.
මේ  සඳහා   උපරිම  දඬුවම්  ලබාදිය යුතු  බවට  ඔහු  ප්‍රකාශ  කරයි.
නමුත්  මේ  කිසිවක්  ගනන්  නොගන්නා  අරක්කු  සහ  රටබීම  අලෙවි  කරන්නෝ  තමන්ගේ  කටයුතු  කිසිදු  බාධාවකින්  තොරව  කරගෙන  යති.
බලපත්  ලාභීන්  ලෙස  පෙනීසිටින  අයගේ  බලපත්  රහිතව  කරන  හොරවැඩ  පිළිබඳව    නොදන්නේ  කව්ද?   නමුත්  ඔවුන්ට   ඇති   දේශපාලන  හයිය  නිසා  ඕනෑම  දෙයක්  කිරීමේ  හැකියාවක්  ඇත.
එසේම  විදේශ  මත්පැන්   සහ  අරක්කු   හොරට  විකිණිම    නිසා  පැවරෙන  නඩු  පිළිබඳව  හොඳ  අවබෝධයක්  උසාවියට  ගොස්  ලබාගත හැක.

මේ   සඳහා  දිය හැකි  හොඳම  නිදසුන    අපට  ලබාදෙන්නේ  මීගමුව  සුරාබදු   ස්ථානයයි.
ඒ  අනුව 2019 මුල්  අඩවසරේදී  බලපත්‍ර  රහිතව   මත්පැන්   අලෙවි  කල  අය  සම්බන්ධව  වැටලීම්  13 ක්  සිදු කර ඇති අතර  බලපත්‍ර  නොමැතිව  විදේශ මත්පැන්    අලෙවිකළ  අය  පිළිබඳව  කළ  වැටලීම්  40 කි.
මින්  පැහැදිළි  වන්නේ  මේවා   නතර කිරීමට  නොහැකි  වන සේ  හැදුනු  යාන්ත්‍රණයක්  තිබෙන  බවත්,   ගම්වල  සහ  නගරවල  සිටින  චන්ඩින් ,  දේශපාලකයින්   මෙම  ජාවාරම්  පිටුපස  සිටින  නිසා  තමන්ට  අවශ්‍ය  පරිදි   මෙම  හොර  ජාවාරම්  කරගෙන  යාමට  ඔවුන්  සමත්වී  ඇති බවත්ය.