ඝාතකයන් ආරක්ෂා කළාට ඔබ සමාව ඉල්ලනවාද ? අහිම්සාගෙන් රනිල්ට ලිපියක් !

0
67
lasantha 1සිය පියාගේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින්නේදැයි අසමින් සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.පසුගිය 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් සිය පියාගේ නම භාවිතා කළ නමුත් සිය පියාට සාධාරණය ඉටු කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු නොකළ බවයි ඇය සිය ලිපියෙන් පවසා සිටින්නේ.සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව ඉල්ලනු ඇතැයි තමා බලාපොරොත්තු නොවන බවත් පසුගිය වසර 10 ක කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පළකළ අදහස්වලට අනුව ඔහු සමාව ඉල්ලා නොසිටින බවත් අහිම්සා වික්‍රමතුංග සිය ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

එහෙත් සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් පියවර නොගැනීම පිළිබඳව හා අපරාධකරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඔබ සමාව ඉල්ලන්නේදැයි ඇය සිය ලිපිය හරහා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

2015 වසරේ පෙබරවාරි මාසයේදී පියාට සාධාරණය ඉටුකර ගැනීම සඳහා වික්‍රමසිංහ මහතා හමු වූ බව සිහිපත් කරන අහිම්සා සිය ලිපියේ සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයා ‘ලසන්තගේ ඝාතනය පිළිබඳ  සොයා බැලීමට වඩා ප්‍රමුඛතාවය හිමි වියයුතු කරුණු තිබෙනවා. යුක්තිය ඉටුවිය යුත්තේ ලසන්තට පමණක් නොවෙයි’ යනුවෙන් පැවසූ බවයි.

අග්‍රාමාත්‍යවරයා ඊයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව ඉල්ලා සිටින්නේද යනුවෙනි.
lankanewsweb.net

letter to Ranilletter to Ranil 2