වෙරළ උද්‍යානය,සතිපොළ ඇතුළු ටෙන්ඩර් 29 ගැන එජාපේ ස්ථාවරය කුමක්ද ?

0
300

beach-prk-1මීගමුව මහනගර සභාවට අතිවිශාල ආදායමක් ලබාගත හැකිව ඇති වෙරළ උද්‍යානය දශක ගණනාවක් පුරාවට ටෙන්ඩර මගින් ලබාගෙන රුපියල් කෝටි ගණනින් අදායම් ලබන්නේ ලංසා පවුල විසිනි.
මිගමු මහනගර සභාවේ ටෙන්ඩර් අතර වෙරළ උද්‍යාන ටෙන්ඩරය යනු අති සුවිශේෂි එකකි.
දැන් මේ ටෙන්ඩර් සියල්ල ඉදිරි කාලය තුලදි කැදවිමට නියමිතව තිබේ.
යහපාලනයක් රටේ ඇතිකිරිම සදහා ජනතාව ඉදිරියේ සපථ කරමින් බලයට පැමිණි එජාපේ නාගරික මන්ත්‍රිලා මිගමුවේදි මේ ටෙන්ඩර පිළිබදව කියා සිටින්නේ කුමක්ද.
එජාප තරුණ  ව්‍යාපාරයේ ප්‍රබලයෙකු යැයි නම් කියැවෙන කාවින්ද ජයවර්ධන යනු මිගමුවට අලුතින් පැමිණි ජා ඇල ප්‍රදේශයේ දේශපාලකයෙකි.
ඔහුට දැන් සිය යහපාලන ආදර්ශය පෙන්වා දිමට කදිම අවස්ථාවක් පැමිණ තිබේ. එනම් රුපියල් කෝටි ගණනින් මහනගර සභාවට අදායම් ගත හැකි වෙරළ උද්‍යාන ටෙන්ඩරය මෙවරත් ලංසා පවුලටම ලැබෙන්නට ඉඩ හැර සිටින්නේද නැතිනම් මහනගර සභාව සතුටකොට ගෙන ඒ ආදායම් එජාප ඉහලින් ඔසවා තැබු මිගමුවේ පාක්ෂිකයාටත් පොදු මහජනතාවටත් සෙත සලසන්නේද යන ස්ථාවරය පෙන්වාදිමටය.