කිලිගේ, ජනපති, අගමැති සිහිනය ?

0
59

kili(1.50 pm ) එජාප දෙකඩ කිරිම සදහා පැහැදිලි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බව දැන් වෙනදාටත් වඩා පැහැදිලි වෙමින් තිබේ.
මේ පිටුපස සිටින බලවේග ගැනද ඒ අයගේ අශුද්ධ සංධාන ගැනද දේශපාලන සමාජයෙ බුද්ධිමත් ජනයා අතර පුළුල් සමාජ කථිකාවක් නිර්මාණය වි තිබේ.
දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්‍ය මුදලාලිලාගේද න්‍යාය පත්‍රයන් අනුව අගමැතිට එරෙහිව මේ කුමන්ත්‍රණය දැන් තවත් තිව්ර වෙමින් තිබේ.
මේ අතර සජිත් ප්‍රේමදාස ට එජාප අපෙක්ෂකයා වන්නේ නම් එයට උදව් කිරිමට ජනපති සිරිසේන සැදි පැහැදි සිටින බව ගැනද විවිධ අදහස් මේ වන විට විවෘත අවකාශන් තුල ප්‍රමුඛ කථාබහක් බවට පත්ව හමාරය.
හාද වෙලා යමන් පනේ යැයි කියැවෙන ගමනේ ජනපති සජිත් නම් අගමැති කම ලග නතරවිමට ජනපති සිරිසේන තුල ඇති සිහිනය  දැන් ප්‍රසිද්ධ රහසක් තරම්ය.
මේ අනුව සිරස අධිපති කිලි මහරාජා කල්පනා කරන්නේ තමන්ගේ පාලනයට නතුකර ගතහැකි අයෙකු එජාප නායකත්වයටත් ජනපති පුටුවටත් ගෙන සිය ව්‍යාපාරික කටයුතු පිමි පනිමින් ඉදිරියටම තල්ලු කිරිමටය.
එය කිසිවිටකත් රනිල් වික්‍රමසිංහ සමගින් බැරි බව දන්නවා කිලි මහරාජ මේ වන විට එයට සුදුසුම ඩබලට නාස් ලනු දාගෙන යන අයුරු කදිමට නිරික්ෂණය වේ.
ඒ අනුව කිලි සිහින දකින්නේ ජනපති මෙන්ම අගමැතිද සිය නාස්ලනුවේ දිගට දිගෙලි කොට පාලනය කර ගතහැකි අයට ලබාදිමටය.
සජිත් සිරිසේන සන්ධානය මේ අනුව සැබැවින්ම අහම්බයක් නොවේ..