ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න හැදු තවත් පිරිසක් වෙන්නප්පුවේදි කොටුවෙයි ?

0
53

(6.50 pm ) කලක් තිස්සේ නැවැති තිබුණ මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට යාමට දැන් යළිත් ආරම්භ වි ඇති සෙයකි. විශේෂයෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු වෙන්නප්පුව .හලාවත යන ප්‍රදේශයවලින් මෙසේ ඕස්ට්‍රෙලියාව බලා යන නීති විරෝධි මුහුදු ගමන් වැඩි වි තිබේ.
පසුගිය 4 තුල පමණක් හලාවතින් සහ වෙන්නප්පුවෙන් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා  යාමට සිටි කණ්ඩායමක් 2 කක් අත්අඩංගුවට ගැනුණි.
අද වෙබ් අඩවිය වාර්ථා කරන අන්දමට
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට  විදේශ ගත විමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු  ඊයේ (19)  වන දින නාවික හමුදා භාරයට ගෙන ඇති අතර නාවික හමුදාව  සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලිමකදි සැක කටයුතු  නිවසක් නිරික්‍ෂණය කිරිමෙන් මේ පිරිස් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී  සිදු කරන ලද වැඩිදුර  පරික්ෂණ වලදි නීතිවිරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ  විදේශ ගත විමට සුදානම්ව සිටි පුද්ගලයින් දාහතර දෙනෙකු, නිවෙස් හිමියා සහ ජාවාරම්කරු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත.

එලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අතර, සිටි ජාවාරම්කරු විසින් මීට පෙරද  ඕස්ට්‍රේලියාව වෙත නීතිවිරෝධි සංක්‍රමණිකයින් පිටුවහල් කිරිමට කටයුතු කර ඇති අතර, මිනිස් ජාවාරමක් සම්බන්ධව ද අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් මෙම පිරිස කුරුණැගල, හලාවත, පුත්තලම සහ මීගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

වැඩිදුරටත් මෙම පිරිස රැඳි  සිටි නිවස අවට පරික්ෂා කිරිමේදි මෙම පුද්ගලයින් ප්‍රවාහනය සඳහා භාවිතා කලායැයි සැක කෙරෙන කුඩා ලොරි රථයක් සහ යතුරු පැදියක් ද සොයා ගැනිමට නාවික හමුදාව සමත්ව ඇත.

නාවික හමුදා භාරයට ගත් පිරිස අතර, කුඩා ළමුන් දෙදෙනෙක්(2) එක් කාන්තාවක්(1) සහ පිරිමි පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සිටියි.

ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් කුඩා ලොරි රථය සහ යතුරු පැදිය වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

මුලාශ්‍රය – ada.lk