රුධිර කාන්දුකරන යන්ත්‍ර 6 ක් සමඟින් ,මීගමුව රෝහලේ වකුගඩු ඒකකය වසා දමලා !

0
83

NGB hospital 1මීගමුව මූලික රෝහල සතුව රැධිරකාන්දුකරණය (ඩයලයිසිස් )යන්ත්‍ර 6ක් ඇතත් ඒවායෙන් කිසිදු රෝගියෙකුට ප්‍රතිකාරයක් සිදු නොකරමින් අතහැරදමා ඇති බව  වාර්ථා වේ.

මීගමුව හා අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ගෙන් රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් රජයේ රෝහල් වෙත සිය ඩයලයිසිස් ප්‍රතිකාර සදහා යොමු වන්නේ නම් ජාතික රෝහල,මාලිගාවත්ත රෝහල,ආනියාකන්ද රෝහල වෙත යා යුතු අතර නොමිලේ එම ප්‍රතිකාරය ලබාගත හැක්කේ රජයේ රෝහල් වලින් පමණි. අර්ධ රාජ්‍ය රෝහලක් වශයෙන් සැලකෙන ශ්‍රී ජයවර්ධනපුර රෝහලද එක් ඩයලයිසිස් කිරීමක් සදහා රු. 5000 – රු.6000ත් අතර මුදලක් අය කරනු ලැබේ. එසේත් නොමැතිනම් ඩයලයිසිස් ප්‍රතිකාරය අවශ්‍ය රෝගීන් නවලෝක හෝ හේමාස් වැනි රෝහල් වෙත යොමු විය යුතු අතර එම රෝහල් වල එක් ඩයලයිසිස් වාරයක් සදහා රු.8000 – රු.9000ත් අතර මුදලත් වැය වේ. සාමාන්‍යයෙන් රෝගියෙකු සතියකට අවම වශයෙන් දින දෙකක් ඩයලයිසිස් කල යුතු වන අතර ඒ හේතුවෙන් සතියක් සදහා රෝගියෙකුට රුපියල් රු.17000ක පමණ මුදලක් සිය රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සදහා පමණක් වැය කලයුතුය.

තත්වය එසේ තිබියදී දිස්ත්‍රික් මහරෝහල වන මීගමුව රෝහල තුල ඩයලයිසිස් යන්ත්‍ර 6ක් තිබියදීත් ඒවා ප්‍රයෝජනයට නොගැනීම කෙතරම් ඛේදනීය තත්වයක්දැයි ඉහත කරුණු කියවන ඔබට වැටහෙනු ඇත.

මේ සම්බන්දයෙන් අප රෝහල් පාලනාධිකාරියෙන් කල විමසීමකදී ඔවුන් පවසා සිටියේ මෙම ඩයලයිසිස් යන්ත්‍ර පිලිබදව තාක්ෂණික දැනුම ඇති හෙදියන් 6 දෙනෙකු තම රෝහල වෙත ලැබෙන්නේ නම් පැය 24ම රුධිර කාන්දුකරණ ප්‍රතිකාරය රෝගීන් වෙත ලබාදිය හැකි බවයි.

එසේ පැය 24ක් රුධිර කාන්දුකරණය ප්‍රතිකාරය ලබාදීමට හැකි වන්නේ නම් පැය 4ක් වැයවන ඩයලයිසිස් ප්‍රතිකාර වාරයන් 36ක් දිනයක් තුල සිදුකිරීමට මීගමුව රෝහලට හැකි වනු ඇත. එනම් දිනක් ඇතුලත උපරිම වශයෙන් රෝගීන් 36 දෙනෙකුට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

එසේනම් රෝහල රුධිර කාන්දුකරණය පිලිබදව දැනුම ඇති එම යන්ත්‍ර ක්‍රියාත්මක කල හැකි හෙදියන් අවශ්‍ය ප්‍රමාණය රෝහල වෙත ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශය සතු වගකීමකි. එසේ ඔවුන් එම වගකීම පැහැර හැරීම හේතුවෙන් මේ වන විට ලක්ෂ ගණන් වැය කරමින් අසරණ වකුගඩු රෝගීන් සිය ජිවිතය යදිමින් සිටිති