අනතුරු වලක්වන ගැට්ටක් හේතුවෙන් මාස 2ක දරුවෙකු ජීවිතක්ෂයට

0
128

මීගමුව ,  පාතිමාවත්ත  පාරේ  ජූඩ්  පල්ලිය   අසල   යොදා   ඇති  ගැට්ටක් හේතුවෙන්   ත්‍රිවිල්   රථයක්  පෙරලීමෙන්   තිදෙනකු   තුවාල  ලබා  මාස දෙකක දරුවෙකු   ජීවිතක්ෂයට   පත්වීඇත.  මෙම  ස්ථානයේ   නිතර  අනතුරු   සිදුවන   බව   මේ  අසල  සිටින   ත්‍රිවිල්   රියදුරන්   අප  සමඟ  පැවසීය .

මෙම  අනතුර  සිදුවූ   අවස්ථාවේ  ත්‍රිවිල් රථයට  යටවූ  දරුවා  ඔසවා  ගත්  ශාන්ත   නම්  ත්‍රිවිල්   රියදුරු   මහතා   අප සමඟ  ප්‍රකාශකළේ   මෙම  ප්‍රදේශයේ   දමා  ඇති  ගැටි  ප්‍රමිතියෙන්  තොර  බවයි.මෙම  අනතුර  සිදුවූ   ස්ථානයේ   නිතර   අනතුරු   සිදුවන  තැනක්   බවද  ඔහු  පෙන්වා  දුන්නේය.
එසේම   ප්‍රාදේශීය   දේශපාලකයින්ට  වුවමනා   ලෙසින්   මෙවැනි  ගැටි  දැමීම  අවශ්‍ය  අනවශ්‍යය   බව විමසා   බලා  කරන    ලද  ඒවා  නොවන  බවත්   ඔහු   පවසයි . ඒනිසා   ගැටි  දැමීම   අත්‍යාවශ්‍ය   වන  නමුත්   ඒවා ප්‍රමිතියෙන්   තොරවීම  ගැටළුවක්   වී  ඇති බවයි ශාන්ත මහතා පවසන්නේ.
එමෙන්ම මෙම ප්‍රමිතියකින් තොර ගැටි හේතුවෙන් ත්‍රිවිල්   රථවල  කොටස්   ඉක්මනින්ම   කැඩී   ගොස්  නැවත  අළුත් වැඩියා  කිරීම  සඳහා   ලොකු   මුදලක්  වැ⁣යවන  බව  ඔහු   තවදුරටත්   සඳහන්   කරයි .
මේ  නිසා   ගැටි  යොදා   අනතුරු   වැලැක්වීමට  කටයුතු   යොදන⁣වා  සේම  ඒවා  අවශ්‍ය   ප්‍රමාණයට  අවශ්‍ය  ප්‍රමිතියකින්   යුතුව  සැකසිය   යුතු බව අවධාරණය   කරන්නෙමු.
IMG-20190824-WA0002
IMG-20190824-WA0006
IMG-20190824-WA0011