ගමට යනපාර වසා හැදු කාමච්චෝඩේ වෙළද සංකීර්ණය තවමත් සුදු අලියෙක්?

0
58

kamachi 3කාමච්චෝඩේ යනු මීගමුව ඉතිහාසය තුල ප්‍රධාන ථෙතිහාසික ස්ථානයකි.ඒ ගමට යන පැරණි පාර පසුකළෙක බදාදා සහ ඉරුදිනයන්හිදි නගරයේ පොලක් පැවැත්විම සදහා මීගමුව මහනගර සභාව විසින් යොදාගන්නා ලදි.
ඉන් අනතුරුව සිදුවුයේ තවත් අරුමය කැන්දන එකකි. ගමට යන පාර වසා දමා පසුව එහි සාප්පු සංකිර්ණයක් ඉදිකරන්නට එවකට පළාත් සභා ඇමතිවරයෙකු වු නිමල් ලංසා කටයුතුකර තිබුණි.එහෙත් ඒ මුලු ව්‍යාපෘතියම මිගමුව මහනගර සභාව පවා නොදන්නා තනිකරම නිමල් ලංසාගේ හිතුක්කාරි එකක් විය.

මිගමුවට වෙළදාම් පොලක් අවැසිය. එහෙත් එය නිර්මාණය කිරිමේදි මේ ගමේ ජනතාවගෙන් නිකමටවත් අසා තිබුනේද??මේ සංවර්ධන කටයුත්ත නිසා අහිමි වන්නේ මේ ගමට ගිය පාරම්පරික

කාමච්චෝඩේ ගමට පාර

පාර අහිමිව යාමයි.

මීගමුව වේගයෙන් ජනාකිර්ණවන නගරයකි.එමෙන්ම  ව්‍යාපාරික කටයුතු සහ එයට අදාල පරිවාර සේවා පහසුකම් ද දිනෙන් දින මෙහි ස්ථාපිත වෙමින් තිබේ.
මේ පසුබිම යටතේ මීගමුවට අත්‍යවශ්‍යයෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එසේ නැතිනම් දේශපාලන උවමනාවන් මත සියල්ල තින්දු වෙමින් පවුල් සහ ඥාාති සංග්‍රහයන් වෙනුවෙන් මීගමුවේ අන් පහසුකම් මෙන්ම ඉඩම්ද යොදාගැනිම තවදුරටත් ක්‍රියාත්මක වන ඇත.kamachode polaරුපියල් කෝටිගණනක් වැය කරමින් මිට වසර ගණනාවකට ඉහතදි ඉදිකල මේ වෙළද පොල ගොඩනැගිල්ල එහෙම පිටින්ම සුදු අලියෙක් බවට පත්ව ඇත්තේ තවමත් එය විධිමත්ව ප්‍රයෝජනයට ගත් හැකි තත්වයකට එය නිමකර නොමැති නිසාවෙනි.IMG-20190828-WA0023තතු එසේව තිබියදි තම පවුලේ ආදායම වැඩකරගැනිම සදහා අවැසි කප්පම් කොමිස් වෙනුවෙන්ම ගොඩනැගිලි හදති.මිගමුව නගරාධිපති දයාන් ලංසා දැන් හදන්නේ ඩඩ්ලි සේනානායක ⁣මාර්කට් එක කඩා එහි වෙළදුන්ද අනාථකොට ඉදිරිකාලයට සල්ලි ටිකක් හම්බකර ගැනිම සදහා තවත් උප්පර වැට්ටියක් යෙදිමටය.ලංසා පවුල් පාලනය සැබැවින්ම මිගමුවට විනාශයක් යැයි අප හැමවිටම කියා සිටින්නේ ඒ අය හා අප අතර ඇති පුද්ගලික තරහවක් නිසා නොවේ.මිගමුවට සිදුකරමින් ඇති දැවැන්ත.විනාශය අප දැන් වසර ගණනාවක සිට ඉතා හොදින් දකිමින් සිටින නිසාය.