ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකික පවුල පිටුවහල් කිරීම ගැන නියෝගය ලබන 18 වැනිදා

0
93

Screenshot_20190907_064841ඕස්ට්‍රේලියාවේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 18 වන දින දක්වා කල් තැබීමට එරට අධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතේ සරණාගත කඳවුරේ තවදුරටත් රැදී සිටිමට සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තාකළේය

සරණාගත භාවය අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින මෙම ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා එරටින් පිටුවහල් කිරීමට ඔස්ට්‍රේලියානු රජය පසුගිය දා තීරණය කර තිබුණි. පිටුවහල් කිරිමේ තිරණය එරට අධිකරණයක් විසින් අත්හිටුවීමත් සමඟ ශ්‍රි ලංකාවට පැමිණෙමින් සිටි ඔවුන් රැගත් යානය යළි ඔස්ට්‍රේලියාව බලා හරවා යැවුණි.