නාගානන්ද ඥාණසාර හිමි පොදු අපේක්ෂකයා කරන්න සැරසෙයි – නාගානන්දගෙන් කොන්දේසියක්

0
146

naga- gnanasarahimi

ජනාධිපතිවරණයට ස්වාධීනව තරඟ කරන බවට ප්‍රකාශිත පුද්ගලයින් කිහිප දෙනෙකු කැඳවා ‘විසඳුම’ නමැති සංවිධානයක් විසින් සංවිධානය කර තිබූ සාකච්ඡාවක් අතරතුරදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේඛම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ජනාධිපති අපේක්ෂකයකු ලෙස තරඟ කරන්නේ නම්,තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවී උන්වහන්සේට සහය දැක්වීම සඳහා  නගානන්ද කොඩිතුවක්කු කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි. එසේ නාගානන්ද විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසිය වන්නේ තමා විසින් ප්‍රකාශයට පත්කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, සිය ප්‍රතිපති ප්‍රකාශයට ඇතුලත් කරන බවට ඥානසාර හිමියන් රට හමුවේ පොරොන්දුවක් ලබදියුතු බවයි.

එම අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී, කථිකාචාර්ය දිලන්ත විතානගේ හා නාගානන්ද කොඩිතුවක්කු මහතා සමග මත ගැටුම්ද ඇතිව තිබෙන අතර එහිදී බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් නාගානන්දට චෝදනා කර ඇත්තේ ඥානසාර හිමියන්ට අසාධාරණ සිර දඬුවමක් ලබාදී තිබියදී නගානන්ද කොඩිතුවක්කු උන්වහන්සේ වෙනුවෙන් කිසිඳු උපකාරයක් නොකළ බවටයි. ඊට පිළිතුරු දුන් නාගානන්ද පවසා ඇත්තේ හාමුදුරුවන් වරදක් කර තිබු නිසා තමා ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී නොසිටි බවයි.

මෙම රැස්වීම සදහා රොහාන් පල්ලෙවත්ත මහතාද සහභාගී වී සිට ඇත. කෙසේ වෙතත් තමන්ගේ කොන්දේසියට එකග වන්නේ නම් තමන් විසින් ඥාණසාර හිමියන්ට සහය දක්වන බවද නාගානන්ද විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.