මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය ඉහළට – ධීවර හා නාවික ප්‍රජාවට අවදානයෙන් පසුවන්නැයි උපදෙස්

0
74
Weather Alert Alt
දිවයිනට නිරත දෙසින් මුහුදු ප්‍රදේශවල  හික්කඩුව සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70ත් 80ත් අතර ඉහළ යාමට හැකියාව ඇති බවත්,  තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල ධීවර කටයුතු වල යෙදෙන ධීවරයන්ට හා නාවුක කටයුතු වල යෙදෙනෙ නැවියන්ට කාලගුණ තත්වය සම්බන්දයෙන් අවදානයෙන් පසුවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වේ.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.