ලෝකයේ මිළ අධිකම කෝපි හදන හැටි?

0
726

FB_IMG_1568347103948ලෝකයේ මිළ අධිකම කෝපි වලින් එකක් වන KOPI LUWAK නිෂ්පාදනය කරන්නේ සතෙකුගේ මලපල වලින් කියලා කිව්වොත් ඔයාලාගේ මුහුණේ ඉරියව් වෙනස් වෙලා යනවා නො අනුමානයි .FB_IMG_1568347112359

FB_IMG_1568347115302මෙම කෝපි නිෂ්පාදනයට යොදා ගන්නා සත්වයා වෙනින් කවුරුත් නෙමෙයි ඒ තමයි #කළවැද්දා #Plam_Civet සත්ව විශේෂය.

මෙම මිළ අධිකම KOPI LUWAK නිෂ්පාදනය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්දුනීසියානු දූපත් වන සුමාත්‍රා, ජාවා, බාලි සහ සුලවේසි සහ නැගෙනහිර ටිමෝරයේ ය.තව පිලිපීනයේ දූපත් වල ගොවිපලවල් වලද නිෂ්පාදනය කරනු ලැබේ.FB_IMG_1568347118969

kopi luwak කෝපි මිලෙන් අධික වීමට හේතුව වන්නේ මෙම නිෂ්පාදනය මහා පරිමාණයෙන් කිරීමට නොහැකි නිසාත් එම නිසා ඉහත කී රටවල මෙම නිෂ්පාදනය සුළු වශයෙන් කරණ නිසා සහ සතකුගේ බඩ තුළ ජිර්ණය වු විශේෂ කෝපි වර්ගයක් නිසාය.

kopi luwak කියන නම හැදෙන්නේ kopiයනු කෝපි සඳහා ඉන්දුනීසියානු වචනය සහ luwak යනු සුමාත්‍රා හි කළවැද්දාට කියන නම එකතුවිමෙන්.

කෝපි අස්වැන්න නෙළාගත් පසු අස්වැන්න තෝරා ගත් ගොවි පළවල් වලට රැගෙන එන අතර , ඒ ගොවි පළේ සිටින Asian plam civet සත්වයාට අනුභව කිරිමට ලබාදේ, එම කෝපි ආහාරයට ගෙන පසුව මළ පහ කරණු ලබන මළත් සමඟ කෝපි ගොවින් එකතු කර එය පිරිසිදු කර මිළ අධිකම කෝපි වන KOPI LUWAK නිෂ්පාදනය කරණු ලබනයි මෙම කෝපි නිෂ්පාදකයින් තර්ක කරන්නේ මෙම ක්‍රියාවලිය මඟින් කෝපි වැඩි දියුණු කළ හැකි බවයි.එසේ සිදු වන්නේ සතාට දෙන කොපි ආහාර තොරා බේරා කන විටය – එනම් වඩාත්ම ඉදුණු හා දෝෂ රහිත ඒවා එම සත්වයන් ආහාරයට ගන්න නිසායි. ආහාර ජීර්ණය මගින් ආහාරයට ගත් කෝපි ඇට වල රසකාරක පැතිකඩ වැඩි දියුණු කළ හැකිය.civetගේ protease එන්සයිම ආහාර ජීරණ ක්‍රියාවලියේදී කොපි ඇට වලට කාන්දු වන අතර එමඟින් කෙටි peptides හා amino acids ඉවත් කිරීමෙන් ගුණාත්මක වටිනා කමක් ලබා දෙනබව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

KOPI LUWAK කෝපි වාර්ෂික ලෝක නිෂ්පාදනය කිලෝ 600ක් තරම් ප්‍රමාණයක් බව අන්තර්ජාලයෙ සඳහන් වෙනවා .KOPI LUWAK කෝපි කිලෝවක දළ මිල ඇමරිකානු ඩොලර් 600ක් තරම් ඉහළ මිලකට අලෙවි වෙනවා.එය ග්‍රෑම් 100 කට ඩොලර් 60 කට සමාන වේ. මෙම මීළ ගණන් වෙනස් වන හෙයින් නිශ්චිත මිලක් කිව නොහැකිය.

උපුටාගැනීම අන්තර්ජාලයෙනි