අරගලය ජීවත්වීමටයි !

0
351

IMG-20190914-WA0046IMG-20190914-WA0049

රු. 1000/ කින් වැටුප් වැඩිකර ගැනීම සඳහා තේ වතුවල වැඩ කරන කම්කරුවන් වෙනුවෙන් උද්ගෝෂණයක් අද මීගමුව බස්නැවතුම් පලේ පැවැත්වින.
මෙම උද්ගෝෂණයට පෙර මෙම ප්‍රශ්ණය මත චිත්‍ර ඇඳීමIMG-20190914-WA0037
ගීත ගායනා කිරීම ආදී විශේෂාංග ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද තිබිණ .
ඉන්පසුව ආරම්භවූ උද්ගෝෂණයට සත්‍යවේල් පියතුමා , ආචාර්ය සුමනසිරි ලියනගේ යන විද්වතුන් ඇතුළු විවිධ සංවිධානවල නියොජිතයින් කිහිප දෙනෙක් සහභාගිවිය.IMG-20190914-WA0043IMG-20190914-WA0041IMG-20190914-WA0044
විවිධ සමිති සාමාජිකයින්ද විශාල පිරිසක් සහභාගී විය .මෙහිදී අදහස් දක්වමින් කතාකළ සත්‍යවේල් පියතුමා …
ජීවත්වීම සඳහා දෛනිකව රු.1000 ක් ඉල්ලා සිටි වතු කම්කරුවන්ට පාලකයො දුන්නෙ මන්දපෝෂණය . රු. 1000/ ක් ඔවුන් ඉල්ලා සිටියෙ 2016 දි රනිල් වික්‍රමසිංහ හැටන් නගරෙදි පොරොන්දු වුනා 1000/ක් දෙනවයි කියල . නමුත් ඔවුන්ට 2018 දි ගිවිසුම අත්සන් කරන වෙලාවෙ නැවතත් ඒකම ඉල්ලන්න වෙල.2018 ඔක්තෝබර් ඉඳලා ජනවාරි දක්වා ගිවිසුම අත්සන් කලේ රු. 750/ කටයි . කලින් තිබුනේ රු. 730යි. වැඩිකලේ රු. 20/ යි. මේකෙන් බුලත් විටක් වත් කන්න පුළුවන්ද . පාන් රු. 60/ යි. පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුට පාර්ලිමේන්තුවට සහභාගී වෙනවට රු . 2000/ක් ගෙවනව පඩියට අමතරව .
පියතුමා තවදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ රු. 20/ කින් වස කුප්පියක් වත් ගන්න බැරි බවයි.IMG-20190914-WA0052
ඒ නිසා පියතුමා තවදුරටත් පැහැදිලි කළේ පාරවල් හදන්න , පාසැල් හදන්න ,රට ණයබරින් රට ආරක්ෂා කරන්න ඔවුන්ගේ ශ්‍රමය, ජීවිතය පරිත්‍යාග කරල තියෙනවා  මෙහිදී සියළු අදහස් දැක්වීම් , ගායනා සහ චිත්‍ර තුළින් මෙන්ම අත් පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන සාර්ථක පියවරක් ලෙස දැක්විය හැක.