මහින්දටත් අභියෝග කරන පුංචි ලංසා?

0
56

පහරදිමට පැමිණි තුෂාන් කිස්මල් රාජපක්ෂ හා දායාන් ලංසා සමගින්

පොදු ජන පෙරමුණේ රැස්විමක් සංවිධානය කිරිම සදහා මීගමුවේ පැවැති පක්ෂයේ ක්‍රියාකාරින්ගේ රැස්විමකදි පුංචි ලංසා අපූරු කථාවක් කර ඇතැයි වාර්තා වේ.
එම රැස්විමේදි මිගමුව තුල ජනාධිපතිවරණය සංවිධානය කළ යුතු අන්දම ගැන සංවාදයට ලක්ව තිබුණි .
මෙහිදි පොහොට්ටුවේ නාගරික මන්ත්‍රී සේපාල මොරවක කියා තිබුනේ පසුගිය පළාත් පාලන මැතිවරණය පවා ඔවුන් දිනා මහින්ද රාජපක්ෂ නිසා බවය.
මෙම ප්‍රකාශයට උරණ වා ඇති පුංචි ලංසා හෙවත් දයාන් ලංසා කියා තිබුනේ තමන් ජයග්‍රහණය කළේ තමන්ගේ හයියෙන් ජනප්‍රියත්වයෙන් කියා බවය.
එහෙත් ඇත්තම තත්වය නම් මිගමුවටම එපා වි සිටි දයාන් ලංසාව දිනවන්නට මහින්ද රාජපක්ෂව උඩ දමමින් ලොකු ලංසා ගෙයක් ගෙයක් ගානේ ගොස් කොළ බෙදු අන්දම ගැන හොදින්ම දන්නා සේපාල මොරවක පුංචි ලංසාගේ පිළිතුර අසා සිනාසෙන්නට ඇත්තේ කොයිපැත්තෙන් දැයි ඇසිය යුතුව ඇත්තේද ඔහුගෙන්මය.
කොට්ඨා 29 කින් 19ක්ම ජයගත්තේ එජාපය විසිනි.
ඒ අනුව ලංසාලාට ලැබුනේ මීගමුවේදි අන්ත පරාජයකි.
සැබැවින්ම සිදුව තිබුනේ නංගි පෙන්වා අක්කා දිමේ වැනි වැඩකි. ජනතාව අතර යා නොහැකි දයාන් ලංසා වෙනුවෙන් ජනතාව අතර නිමල් ලංසා ගොස් තිබුනෙ තමන් ඡන්දය ඉල්ලනවා යැයි හැගෙන අයුරින් කාඩ් බෙදමිනි.
ඇත්තම තත්වය නම් අද මිගමුවේ ප්‍රධාන පුරවැසියා යනු අත බහුතරයකට පෙන්න බැරි තරමට අප්‍රසන්න වු පුද්ගලයෙකි.