මීගමුවේ මේ වසරේ මාර්ග අනතුරු අඩු වීමක් ! මාරක අනතුරු වල වැඩිවිමක් !

0
202

weel accident2(3.15 PM ) දිනපතා පුවත් විකාශනයන් තුලින් අප රටපුරා සිදුව ඇති අනතුරු පිළිබදව පුවත් දකිමු. අවම වශයෙන් දිනකට 8 දෙනෙකුවත් මේ  අනතුරු හේතුවෙන් ජිවිතෙන් සමුගෙන ඇති බවට වන තොරතුරු එහි ඇතුලත්ය.
මීගමුව පිළිබදව විමසා බලන විට පසුගිය වසරට සාපෙක්ෂකව මාර්ග අනතුරුවල අඩුවිමක් දකින්නට ලැබේ.
පසුගිය වසරේ 91 ක් වු අනතුරු ගණන මේ වසරේදි 53 අඩුවි තිබේ. එහෙත් සිදුව ඇති මාරාන්තික අනතුරු ගණන මේ වසරේදි වැඩිවි තිබේ.

2018- 01 – 01සිට 2018 -08 – 31 දක්වා

* මාරක රිය අනතුරු – 07
* බරපතල තුවාල සහිත අනතුරු -39
* සුළු තුවාල සහිත අනතුරු – 11

* අලාභ අනතුරු -34
* මේ වසරේදී මුළු අනතුරු සංඛ්‍යාව -91
2019 -01 -01 සිට 2019 – 08 -31 දක්වා

* මාරක අනතුරු -09
* බරපතල තුවාල සහිත අනතුරු -18
* සුළු තුවාල සහිත අනතුරු -11
* අලාභ අනතුරු -15

* මුළු අනතුරු සංඛ්‍යාව -53
මීගමුව පොලීසිය ලබාදුන් මෙම තොරතුරු අනුව මේ වසරේදී රිය අනතුරු වල අඩුවීමක් පෙන්නුම් කෙරේ. නමුත් මාරක රිය අනතුරු වල වර්ධනයක් ඇත . නමුත් මෙම සංඛ්‍යා ලේඛණයට අමතරව අනතුරු සිදුවූ දෙපාර්ශවයෙන් බේරුම් කර ගනිමින් පොලීසිය දක්වා නොයවා සාමදාන වන අවස්ථාද ඇත .