වැස්සටත් තෙමෙන මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකය ?

0
169

IMG-20190921-WA0036IMG-20190921-WA0037IMG-20190922-WA0025(10.05 am )මීගමුව  මහ  රෝහලේ  දැඩිසත්කාර  ඒකකය  මේ වනවිට  අබලන්  තත්වයකට  පත්වී  ඇති  අතර  එය  එහි  කටයුතු  කරන  කාර්්‍ය  මණ්ඩලය  දැඩි  අපහසුතාවයකට  පත්කරන  තත්වයකි.  එහි  වහල  අබලන්වී  ඇති  නිසා  ජලය  කාන්දුවන  අතර  ඒ නිසා  අසාධ්‍ය  රෝගීන්ගේ  ස්ථාන  වරින් වර වෙනස් කිරීම්  ආදිය  සිදුකරන්නට  වීම  රෝගීන්ගේ  පැත්තෙන්  මතුවන  බරපතල  ප්‍රශ්ණයක් වී  ඇත. මෙහි  ඇතුළුවන  ස්ථානයේ  බිමට  කාඩ්බෝඩ්  පෙට්ටි  දමා  ඇත්තේ  ජලය  කාන්දු වීම  වැලැක්වීමටය.  ආවරණය  වන  බිත්ති  සකසා  ඇත්තේ  ලෑලි  වලිනි.ගොඩනැගිල්ලේ  පිටුපස  බිත්ති තෙමී  ඇති  අතර  බිම  අප ජලය  ගලායන  ආකාරය  දැක  ගත හැක.

මේ  තත්වය වෙනස් කර  ගැනීමට නම්  නව ගොඩනැගිල්ල  අත්‍යාවශ්‍ය  සාධකයක් බව  කව්රුත්  පවසති. දැනට  දැඩිසත්කාර ඒකකයේ  ප්‍රතිකාර  කෙරෙන්නේ  රෝගීන්  හතර දෙනෙකුට  පමණි. නමුත් නව ගොඩනැගිල්ල තිබුනේ නම්  10 කට  12 කට  ප්‍රතිකාර  කළ හැකිබව  වෛද්‍යවරු  පවසති. ඉන්  ප්‍රකාශවන්නේ  මරණාසන්න  රෝගියෙකුගේ ජීවිතය  බේරා ගැනීමට  තිබෙන  ඉඩකඩ  මින්  අහිමිවන බවය.  මේ තත්වය  අනුව  මෙය  බරපතල  අපරාධයක් බව  කිවහැක.  ඒනිසා තට්ටු  ගොඩනැගිල්ල  ප්‍රමාද  වීමට වගකිව යුතු සැම තරාතිරම නොබලා මේ අහිංසක ජනයාටව මාරාන්තික අවධානමක හෙලිම ගැන සැබැවින්ම වගකිව යුතුව තිබේ.NGB-hospital-new-buildig-

මේවනවිට  ගොඩනැගිල්ල  හදා  අවසන්  කරනවා යැයි  පොරොන්දුවූ  කාලය  අවසන් වී ඇත.  තවමත්  එහි  කටයුතු  ඉබි ගමනේය. මෙම  තත්වය  හමුවේ  මීගමුව  රෝහලේ  ඉහතකී  පරිදි  දැඩිසත්කාර  ඒකකය  පවතින හෙයින්  සිදුකළයුතු  එකම  දේනම්  තට්ටු ගොඩනැගිල්ල  ඉක්මනින්  හදා  අවසන් කිරීමයි.
පසුගිය  එක්  කාලයක  මෙම  ගොඩනැගිල්ල  පිලිබඳව  විවිධ  කටකථා පැවතුනු බව  අපි දනිමු.  නමුත්  මේවනවිට  රෝහල්  බලධාරීන්  කිහිපදෙනෙකුගේ  මැදිහත්වීම  මත  යහපත්  වෙනස්කම්  කිහිපයක්  රෝහල තුළ සිදුකිරීමට හැකියාව  ලැබී ඇත. මේ අනුව  අප  ජනතාවගේ  අවශ්‍යතායක්  ලෙස  නව  ගොඩනැගිල්ලේ  කටයුතු  ඉක්මනින්  අවසන් කරනමෙන්  සියළු  වගකිවයුත්තන්ට  අවධාරණය  කර සිටිමු.සැබැවින්ම මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමකොට එය භාරදිමට නියමිතව තිබුනේ 2015 දෙසැම්බර් මාසයේදිය.
වසර 4 ක් යනතුරුත් එය පමා කිරිම යනු එහි වගකිම භාරගත් සැමට සැබැවින්ම දඩුවම් කළ යුතු තත්වයකි.