විජයරත්නම් විදුහලට රු ලක්ෂ 650 ක වියදමින් සිව්මහල් ගොඩනැගිල්ලක් !

0
102

IMG-20190923-WA0021IMG-20190923-WA0046IMG-20190923-WA0041IMG-20190923-WA0033ලඟම  පාසැල  හොඳම  පාසැලයි  යන  සංකල්පය  යටතේ  මීගමුව  වැල්ලවීදිය  විජයරත්නම්  හින්දු  මහ  විද්‍යාලයේ  සිව්මහල්  ගොඩනැගිල්ලකට    මුල්ගල  තැබීම  අද  උත්සවාකාරයෙන්  සිදුවිය. මෙම  අවස්ථාවේදී  විදුහල්පති  වන  පුවනේෂ්වරරාජා  මහතා  පිළිගැනීමේ  කථාව  කරමින්  ඉදිකිරීමට  යන  සිව්මහල්  ගොඩනැගිල්ල  සඳහා  රු  කෝටි  6 ½  ක්  වැයවන  බවත්  ඒ සඳහා  දැනට  ඇත්තේ  රු.  කෝටි  3ක්  පමණක්  බවත්  ඉතිරි මුදල  ලබාගැනීම  සඳහා  සහයෝගය  ලබාදෙන  ලෙසත්  මනෝගනේෂන්  මහතාගෙන්  ඉල්ලීමක්  කරන  ලදී. IMG-20190923-WA0030එමෙන්ම  මෙම  ගොඩනැගිල්ල  අපොස  උසස්පෙල  දරුවන්  සඳහා  විද්‍යාගාරයක්  සහ  පංතිකාමර   කිහිපයකට  වෙන්කෙරෙන  බව විදුහල්පති තුමා   තම  අදහස්  දැක්වීමේදී   පැහැදිළි  කරන ලදී.

අධ්‍යාපන  ඇමති  අකිලවිරාජ් කාරියවසම්  මහතා මෙම  උත්සවයට  සහභාගී වීමට  නියමිතව  තිබුනු  නමුත්   අද දින  ඔහුට  යෙදී තිබුනු  වෙනත්  කටයුත්තක්  නිසා  ඔහුගේ  සහභාගීත්වය  සිදු නොවීය.  නමුත්  ජාතික  ඒකාබද්ධතා,  රාජ්‍යභාෂා, සමාජ ප්‍රගති ,  හින්දු කටයුතු  ඇමති  මනෝ ගනේෂන්  මහතාගේ මැදිහත්වීමෙන්   මුල්ගල   තැබීම  සිදුවිය.  මේ අවස්ථාව  සඳහා  පාර්ලිමේන්තු  මන්ත්‍රී  කාවින්ද  ජයවර්ධන ,පළාත්සභා  මන්ත්‍රී  ශ්‍රීනාත් පෙරේරා  සහ   සජිත්  මොහාන්,  නාමල්  වේවැල් දෙනිය  ඇතුළු  මීගමුව  නාගරික  මන්ත්‍රීවරු   කිහිප දෙනෙක්ද,කලාප අධ්‍යාපන  අධ්‍යක්ෂක  ඇන්ටනි  මහතා  ඇතුළු  රජයේ  නිලධාරීන්ද   සහභාගි විය. මෙහිදී  මුල්ගල  තැබීමෙන්  අනතුරුව  සමරුඵලකය  විවෘත කිරීමද  මනෝ ගනේෂන්  මහතා  අතින්  සිදුකෙරින.දෙමල  භාෂාවෙන්  තම  කථාව  කළ  මනෝගනේෂන්  මහතා  මේ  සඳහා  ඉතිරිමුදල මෙම ගොඩනැගිල්ල  සඳහා  ලබාදීමටද පොරොන්දු විය.