කඳසුරිඳුගම අවට නිවෙස් ජලයෙන් යටවෙයි !නිවෙස් තුල ජනයා කොටුවෙයි !

0
114

floodඑක දිගට ඇද හැලෙන මහවැසි හේතුවෙන් මිගමුව සහ කටාන  ප්‍රාදේශිය ලේකම් කොට්ටාශවල ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවි තිබේ.
කටානට අයත් කඳසුරිඳුගම අවට නිවෙස් පවා මෙසේ ජලයෙන් යටවි ඇති අතර ඇතැම් නිවෙස්වල කොටුවි සිටින මේ වන විට අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ.
අද අලුයම මිපුර වෙත ලැබන දුරකථන ඇමතුමකින් කියැවුනේ මේ ප්‍රදේශයේ නිවසක් තුලට මේ වන විට අඩි 3 ක් පමණ  උසට ජලය රැදි ඇති බවය.එහි වෙසෙන වසයක යුවලක් මේ වන විට අන්ත අසරණ තත්වයකට පත්ව ඔවුන් බේරාගැනිම සදහා උපකාර ඉල්ලා සිටින බවය.
මේ පිළිබදව කටාන පොලිසිය දැනුවත් කරන ලද අවස්ථාවේදි එහි ස්ථානාධිපතිවරයා කියා සිටියේ කටානේ ගම් දෙකක් මෙසේ යටවි ඇති බවය.
නාවික හමුදාව ඇතුලූ ආදාල  ආයතනවල සහයෙන් මේ ජනතාව බේරාගැනිමට වැඩපිළිවෙල් යෙදිය යුතු බවය.