විධායකය අහෝසි කිරිමට සජිත් එකඟද ? හෙට තීරාණාත්මකයි !

0
85

sajithtඑජාප අපෙක්ෂකයා පිළිබදව ගැටුම මේ දක්වා දුරගෙන ආ සජිත් පිළ එහිදි මුලික කරගෙන තිබුනේ පුද්ගල චරිතය වුවද මේ වන විට එජාප අපෙක්ෂකයා තේරිම් ජනප්‍රිය පුද්ගලයා කියන නිර්ණාකයකයෙන් බැහැරව ප්‍රතිපත්ති මුලික පදනම විය යුතු බවට ප්‍රකාශ වි තිබේ.
ඒ අනුව විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම, මරණ දඩුවම අහෝසි කිරිම වැනි ප්‍රගතිශිලි කරුණ කිපයක්ම මේ ප්‍රතිපත්ති අතර දැන් ගොනුව තිබේ.
සජිත් පිළට පක්ෂ සමාජ මාධ්‍ය විසින් මෙන්ම ඇතැම් දේශපාලකයන් විසින්ද එජාප ජනපති සජිත් යැයි පුළුල් ප්‍රචාරයක් දෙමින් සිටියද එය යථාර්ථයක් බවට පත්වන්නේ සජිත් ප්‍රේමදාස විසින් ඉහත කී ප්‍රතිපත්ති මුලික කොට ගන්නේ නම් පමණි.
මේ කොන්දේසියත් සමගින් වඩාත් උරණව සිටින්නේ එජාපය කඩා දුර්වල කොට තමන්ට නැටවිය හැකි අයෙකු පක්ෂ නායකත්වයට ගෙන ඒමට අශුද්ධ සන්ධාන ගොඩ නගා කටයුතු කරගෙන යමින් සිටි පිරිස්ය.
සජිත් පිළේ ප්‍රබලයෙකු වු මංගල සමරවිර යනු පාර්ලිමේන්තුෙව් සිටින 225 අතරෙන් වඩාත් ඉදිරිගාමි ප්‍රගතිශිලි නුතන දේශපාලනය ගැලපෙන ප්‍රධානියෙකි.
මරණ දඩුවම ගැන ඔහු සිය ප්‍රතිපත්තිමය ස්ථාවරය නොපැකිල දේශපාලනිකව සටහන් කොට තිබුණි. අනෙක් බොහොමයක් කරුණ අරභයාද ඡන්ද පදනම් ගැන පවා නොසිතා සිය ප්‍රතිපත්තිමය ස්ථාවරය ඉදිරියට දැමුවෙකු ලෙසින් ප්‍රකටය.
කෙසේ වෙතත් ප්‍රතිපත්ති මුලික කරුණු පදනම් කරගනිමින්  අපෙක්ෂකයා තේරිමට ගෙන ඇති ප්‍රවේශය යනු ඇගෙන් නොව මොළයෙන් කරන දේශපාලනය වැදගත්ය යන පණිවිඩය පෙරට පැමිණිමකි.
හෙට දිනය තීරාණාත්මකය.
ඇගෙන් නොව මොළෙන් දේශපාලන  කරන අයෙකු ලෙස හෙට දිනයේ සජිත් ප්‍රේමදාස අභියෝගය භාරගනියිද?