නිමල් ලංසාව පුම්බන්න මීගමුව බදුගෙවන ජනයාගේ මුදලින් වත්තලටත් සහන මළු !

0
45

basi nimalමීගමුව බදුගෙවන ජනයාගේ මුදල් මේ වන විට ලංසා පවුලේ බුදලයක් බවට පත්ව තිබේ. මැදමුලන පවුල රටක් අර්බුදයට යවා සියළු සහන පවුලට ලබාගත්තා සේ දැන් වැල්ලවීදියේ ලංසා පවුලද සිය පවුලේ දේශපාලන ව්‍යාපෘතියට පමණක් නොව ඇතැමුන්ගේ විනෝදාංශ සදහාද අතදිගහැර වැය කරනුයේ මිගමුවේ බදුගෙවන ජනයාගේ මුදල්ය.
පසුගිය දිනවල ඇදහැලුන මහවැසි හේතුවෙන් විපතට පත් ජනයා වෙත සහන සැලසිමේ අරමුණෙන් මීගමුව සමුපකාරය ඔස්සේ මිලට ගෙන ඇති වියලි සහන මළු නිමල් ලංසා ආසන සංවිධායකධුරය හොඹවන වත්තලට ගොස් ඇති බවට දැනගන්නට තිබේ.
එජාප මන්ත්‍රිලාටද යහමින් සහන මළු ලැබෙන්නේ නම් ඒ අය මේ සියල්ල ගැන නිහඩය.
එබැවින් මේවා ගැන දැන් මහනගර සභාව තුල ප්‍රශ්ණ කිරිමට සිටිනුයේ ජවිපේ පමණි. එහෙත් මේ අයගේ උනන්දුව සහ මේ ප්‍රශ්ණ ගැන මැදිහත්විමට ඇති අඩුදැනුම යළිත් වටයකින් මිගමුවේ බදුගෙවන ජනයාටම අවාසියක් ව තිබේ.