ගෝඨා ලෙඩවෙයි ?

0
141

Gotabaya-Rajapaksa-3ජනපතිවරණය සදහා නාමයෝජනා භාර දිම මේ මස 7 වෙනිදායින් අවසන් විමට නියමිතය.තතු එසේව තිබියදි දැනට මතුව ඇති ප්‍රබලම කරුණ වි ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට මෙවර ජනපතිවරණය සදහා ඉදිරිපත්විය හැක්කේද යන ගැටළුවයි.

හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු බව පිළිගැනීම අත්හිටුවන්නැයි  ඉල්ලා ගොනු කළ පෙත්සම  ලබන මස 02 වැනිදා සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය  තීරණය කර තිබේ. එම නඩුව  ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.
පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ හා ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය  චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින්  මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
මේ පිළිබදව  තීන්දුව ඔක්තෝබර් 04 වෙනිදාට ප්‍රකාශයට පත්විමට නියමිතය.
මතුව ඇති අනෙක් ගැටළුව වන්නේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිකාරගැනිමට විදේශගතවිමට නියමිතව තිබිමය.
මේ අනුව ඔක්තෝබර් 09 වනදා සිට 12 වනදා දක්වා යළි සිංගප්පූරුව බලා යාමට අවසර දෙන මෙන් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇතැයි ,ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මෙසේ සිංගප්පූරුව බලා යාමට අවසර ලබාදෙමින් තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඒ මහතා ඉල්ලීම් කර ඇතැයි තවදුරටත් එහි සදහන්ය.