spot_img
spot_img
Friday, September 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice ගෝඨාට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹේ : වියත්මග කැළඹේ !

ගෝඨාට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹේ : වියත්මග කැළඹේ !

0
83
Mahinda_gotabayaපොහොට්ටු  අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාග කිරීම මේ වන විට  ආරම්භ කර තිබේ.මේ හේතුවෙන් අභියාචනාධිකරණය ආසන්නයේ ආරක්ෂාවද තර කර තිබේ.

මහාචාර්ය ඉන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ  මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෙම  රිට් පෙත්සම සලකා බැලීම අද (2) , හෙට  (3) සහ 4 යන දිනවලදී සලකා බැලීමට නියමිතය .

වියත්මග කැළඹේ !

මේ අතර ඉහත පෙත්සමට අදාල චෝදනා බරපතලවීම සමග චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සූදානම් කිරීම සම්බන්ධව වියත්මග සාමාජිකයන් විරෝධය දක්වමින් සිටින බවත් වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා කෙසේ හෝ ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොවුනහොත් තම සාමාජිකයන් බහුතරයක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ඉවත් විය හැකි බවත් ඔවුන් රාජපක්ෂ පවුල වෙත දන්වා ඇති බවත් වාර්තා වෙයි.

එහිදී ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තම සංවිධානය සමග එක්ව සිටින ඇතැම් සාමාජිකයන් මේ වන විට හිටපු හමුදාපති මහේෂ් සේනානායක වෙත සහය දැක්වීමට පවා සූදානම් වෙමින් සිටින බවයි.
newstube.lk