ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ගෘහස්ථ ක්‍රීඩාංගණය මහනගර සභාවේ පාලනය යටතට නොගන්නේ ඇයි ?

0
98

ටෙනිස්-2-1 මීගමුව ,  කඩොල් කැලේ  ක්‍රීඩාංගණයට  අනුබද්ධව  පවත්වාගෙන  යන  ජෙයරාජ් ප්‍රණාන්දුපුල්ලේ  ගෘහස්ථ  ක්‍රීඩාංගණය  විවිධ  ගැටළු  මතුවී  අප  මීට පෙරද  අපගේ  වෙබ් අඩවියේ  සඳහන්  කළෙමු.  මීගමුවේ  ප්‍රධාන පුරවැසියා  වශයෙන්  නිමල් ලංසා  කටයුතු  කරන  අවධියේදී  ගොඩනැගූ  මෙම  ක්‍රීඩාංගණය  නගරසභාවට  භාරදිය යුතුව  තිබුනු  නමුත්  එහි  යතුර  තමන් සන්තකයේ  තබාගනිමින්  පසුව  එය  තමන්ට  හිතවත්,  තමන්ට  අනුගතව  තබාගතහැකි  පිරිසකට  භාරදී  ඇතිබව  ප්‍රසිද්ධ  රහසකි.  මෙම  පොදු  ස්ථානය  අද  ප්‍රද්ගලික  දේපලක් සේ  පරිහරණය  කරන  තත්වයට  පත්වී ඇත්තේ  එකී  දූෂිත  ක්‍රියාව  නිසාය.  මෙහි  විශාල  ආදායමක්  උපයන  නමුත්  ඒ සියල්ල  පොදු  ජනයාට  වසන්වී  ඇත.

මීගමුව  මහ නගර සභාව සමඟ  කිසිදු  ගිවිසුමක් හෝ  ටෙන්ඩර් පටිපාටියකින්  තොරව  සියල්ල  සිදුවෙද්දී   හර්මන් කුරේරා  නගරසභාවේ  නගරාධිපති ලෙස  කටයුතු  කරන  අවස්ථාවේදී  රු. 30,000/  ක  මුදලක්  ගෙවන්නට  එකඟතාවයක්  පලවී  ඇත.  එය  එසේවූයේ  කෙසේදැයි  නගරසභාවේ  කිසිදු  වගකිවයුතු  නිලධාරියෙකු  මේ  පිළිබඳව  කිසිවක්  සඳහන්  කරන්නේ  නැත. එසේ  තිබියදී  පසුගිය  බෝම්බ ප්‍රහාරය  මත  පටවමින්  තමන්ට  අලාභවූ  බව  පවසා  එම  මුදල  රු.  10,000/ ට  අඩුකර  ගැනීමටද  මොවුන්  නගරසභාවෙන්  ඉල්ලා  සිටිති.  මෙම  පාලකයාගේ  වහළුන් සේ  ක්‍රියාකරන  මුල්‍ය කමිටුවක් සහ  ඕනෑම  දේකට  අත්දෙකම  උස්සා  අනුමැතිය  දෙන  නාගරික  කොමසාරිස්   කෙනෙකු සිටින නිසා  මෙකී  ඉල්ලීමට  මීගමුව  නගරසභාවෙන්  කිසිදු බාධාවක්  පැන නගින්නේ  නැත.  යමෙකුගෙන්  බාධාවක්  පැන නැගුනහොත්  එය  තර්ජනයෙන්  හා ගර්ජනයෙන්  යටපත් කිරීම  සඳහා  උපතින්ම  ලැබූ  තිරශ්චීන  හැකියාවක්  මොවුන්  සතුය. නමුත්  කඩොල්  කැලේ  ක්‍රීඩාංගණයේ  අනෙකුත්  ක්‍රීඩා පිටි  නගරසභා  පාලනයට  නතුව තිබියදී   මෙය  පමණක්  වෙනස්වන්නේ  කෙසේදැයි  මේ  ගැන  දන්නා  සියළු දෙනා  ප්‍රශ්ණ කරති.  ඒනිසා  පොදු  දේපලක්  පුද්ගලිකව  පරිහරණය  කිරීමට  භාජනයවී  ඇති  මෙම  මහදවල්  සිදුවන  මංකොල්ලයට  සියළුදෙනා  එරෙහිවිය යුතුය. එසේ  නොවන්නේනම්  හෙට  දිනයේ  තවත්  මෙවැනිමවූ  අපරාධයක්  කිරීම  සඳහා  මේ අය  ඉව  අල්ලනු  ඇත.  ජනතාවෙනි  මේපිළිබඳව අවධියෙන්  සිටින්න!