සරත්ව කපන්න ලංසා කුමන්ත්‍රණයක ?

0
298

LANSA SARATH

 

පොහොට්ටුවේ මීගමුවේ සංවිධායක වෙනින් කව්රුත් නොව සරත් ගුණරත්නම බව කියා සිටියේ නිමල් ලංසා විසින්මය. ඒ මිට මාස කිපයකට උඩදිය.
එහෙත් දැන් වැඩකටයුතු සිදුවෙමින් ඇත්තේ සරත්ව මගහැර මිගමු පොහොට්ටුවේ වැඩ නිමල් ලංසා සහ දයාන් ලංසා පවරාගෙන කුමන්ත්‍රණකාරි ලෙසින් කරගෙන ගෙන යන අකාරයකිනි.
මීට ආසන්නතම හේතුව වි තිබුනේ පසුගිය දිනක නිමල් ලංසා විසින් පොහොට්ටුවට සම්බන්ධ නාගරික මන්ත්‍රිවරුන් මෙන්ම ක්‍රියාකාරින්ද කැදවා රැස්විමක් පවත්වා තිබේ.
එහෙත් එකි රැස්විම ගැන සරත් ගුණරත්න දන්වා තිබුනේද නැත.
සරත් ගුණරත්න යනු දැනට මීගමුවේ ක්‍රියාකාරි දේශපාලනයේ නියැලි සිටින ජේෂ්ඨතම පුද්ගලයාය. ඉතාමත් අමාරුම යුගවලදි පවා ඔහු පක්ෂය හැර ගියේ නැති අයෙකි. එවන් ජේෂ්ඨයෙක් සමගින් ගේම් ගහන්න හදන ලංසලා පිළිබදව සැබැවින්ම ඇත්තේ පිළිකුලක් බව නම හෙළිකිරිමට අකමැති ශ්‍රිලනිප ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.