පෝස්ටර්-බැනට්-කටවුට් ප්‍රදර්ශනය තහනම් බව රාජගිරිය මැතිවරණ කාර්යාලය අසලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සඳහන් වන විදිවිධාන අනුව, ඊයේ සිට පෝස්ටර්, බැනර් හා කටවුට් ආදිය ප්‍රදර්ශනය තහනම් වන අතර, පුද්ගල හා රථවාහන පෙළපාලි යෑම දිවයිනටම තහනම් වන බවත් පැවසු පොලිස් අධිකාරීවරයා, නීති විරෝධි ක්‍රියා සිදුවන ආකාරය වීඩියෝ ගත කරන බවත් පැවසීය.
පසුව එම වීඩියෝ පට ආධාරයෙන් නෛතිකමය කටයුතු ඉදිරියට සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පසුගියදා පැවැති මහජන වේදිකාවට එක්ව සිටි ජනාධිපතිවරණ අපෙක්ෂක්යන් 10 දෙනා අතරෙන් සාමකාමි සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනි සිටිමේ ප්‍රතිඥාවට අත්සන් තබා තිබුණේ තිදෙනෙකු පමණි.
ඒ එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස,ජන බලවේගයේ අනුර කුමාර සහ ආචාර්ය අජන්තා පෙරේරාය.
මේ අනුව ඒ ඒ පක්ෂ සිය අනුගාමිකයන් මගින් එකි ප්‍රතිඥා යථාර්ථයක් බවට පත්කළ යුතුව තිබේ.