නාමයෝජනා දුන් අපේක්ෂක ලයිස්තුව මෙන්න !

0
138

milroy

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු අද(07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්නේය.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණි.

ඒ අතරින් ස්වාධීන අපේක්ෂකයින් ලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නොමැත.sajith

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබූ අතර ඊට  පිළිගත් දේශපාලන පක්ෂ 19ක, ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් පක්ෂ 03ක අපේක්ෂකයින් ඒ අතරට අයත්.

ඔවුන්ගේ නාමයෝජනා භාරගැනීම අද පෙරවරු 9.00 ට ආරම්භ වුණේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත භාරදීම සිදුකෙරුණි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක ලැයිස්තුව පහතින් දැක්වෙයි.
adaderana.lk