මන්ත්‍රිගේ වතුර බස්සන්න පාර වසා කාණු කපා අවසර දුන්නේ කව්ද ?

0
121

IMG-eb939f5ce4a2fc131373f98716035fa2-Vමාර්ග සංවර්ධන අධිකාරියට අයත් මිගමුව කොච්චිකඩේ 905 බස් මාර්ගය දෙදිනක් තිස්සේ වසා දමා මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයකුගේ නිවසේ  අපජලය බැස යාමට පිළියම් සකස් කිරිම සදහා පාර හරහා කාණුුවක් කැපිමට මේ වන විට මීගමුව නාගරික කොමසාරිස්වරිය පියවර ගෙන තිබේ.
එහෙත් සැබැවින්ම එය ඇයට අයත් කාර්යයක් නොවේ .තතු එසේව තිබියදි අප මේ ගැන කළ විමසුමකදි මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරිය කියා සිටියේ පාර කපා කාණුවක් දැමිමට අවසර ලබා දුන් බවය.IMG-a95606c14c952efa56b62db6c3954ae7-V
මේ සම්බන්ධයෙන් මිපුර අදහස් දක්වා සිටි තවත් දේශපාලකයෙකු කියා සිටියේ එසේ නම් තවත් පුද්ගලයන්ගේ නිවාස වල අපජලය බැහැර කිරිමට ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ප්‍රධාන පාරක් කපා ඒ හරහා ඕනෑම තැනකින් කාණුවක් බැදිමට මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරිය අවසර ලබා දිය යුතු බවය.
එමෙන්ම මහනගර සභාවට අයත් නොවන කිනම් හෝ පාරක් කපා ඒ හරහා කාණු තනා දිමට මිගමුව නාගරික කොමසාරිස්වරිය පියවර ගත යුතු බවය.මෙහිදි අවධාරණය කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් ජනාකිර්ණ ප්‍රදේශයක් වන පෝරුතොට ජනතාවට මුහුණ දිමට සිදුවු අපහසුවයිත එමෙන්ම සංචාරකපුරවරය හරහා වැටි ඇති මේ ප්‍රධාන මාර්ගය මෙසේ අවහිර කිරිම නිසා ඒ අයට ඇතිවන අපහසුවයි.මෙලෙස දේශපාලකයන්ට සහන සැලැසිම සදහා විශාල පිරිසක් අපහසුවට පත්කරන්නට මේ රාජ්‍ය නිලධාරිණියන් පියවර ගෙන ඇති බව පෙනේ.
නීතිය සැමට පොදු නම් මේ රාජ්‍ය නිළධාරිණියන් දෙදෙනාම ඉදිරියේදි පාරවල් කපා කාණු තනා දිමට සැදි පැහැදි සිටිය යුතුව තිබේ.IMG-fd7741c99d48560b3f0af8bd51ee5158-V