ඔබ ආහාරයට ගන්නා මාළු කෑල්ලේ රස, ගුණ මෙන්ම විෂද අඩංගු විය හැක. ප්‍රවේසම් වන්න.

0
582

IMG-20191011-WA0078IMG-20191011-WA0080IMG-20191011-WA0081මීගමුව නගරය ධීවර කර්මාන්තය පදනම් කරගත් නගරයකි . ඒනිසා ධීවර කර්මාන්තය හරහා විවිධ සේවාවන් ක්‍රියාත්මක වේ. එදිනෙදා අාහාර වේල සකසා ගැනීමට මෙන්ම විවිධ ආයතනවලට, පාසැල් වලට ආහාර සැපයීම සඳහා මාළු මිලදී ගැනීමටද ලෙල්ලමට පැමිණෙති . මෙසේ පැමිණ මිලදී ගන්නා මාළු පිළිබඳව පවතින ප්‍රමිතිය කුමක්ද යන්න කිසිවෙක් ප්‍රශ්ණ නොකරති .IMG-20191011-WA0079
අහාර සපයන්නෝ කෑම පාර්සල් සකස්කර සේවය පිනිස අයෙකු යොදවා පාරවල් අසල කෑම විකුණන ආකාරය අපි දකින්නෙමු. කර්මාන්තශාලා, පාසැල් , රජයේ විවිධ ආයතන වලට කෑම සපයන අය සළකා බලන්නේ අඩු මිලට වැඩි මාළු ප්‍රමාණයක් ලබාගෙන තමන් ව්‍යාපාරය කරගෙන යාමට පමණි .
මෙම ලෙල්ලමේ සපයන මාළු වල පිරිසිදුකම පිළිබඳව අපට මැනගත හැක්කේ පලපුරුද්දෙන් පමණි . මාළු බාන, පටවන ආකාරය , සමහර මාළු බිමදමා ඇදගෙන යන ආකාරය දුටුවිට පිරිසිදු කම සළකා මෙම කටයුතු නිසියාකාරව සිදුකරන්නේද? යන ප්‍රශ්ණය මතුවේ. එක් අවස්ථාවක කියතකින් කොප්පරා මාළුවෙකු කපා එම මාළු කුට්ටි අතරින් ගලායන ජලය යන ආකාරය දැක්කෙමි . සමහරු මාළු කුට්ටි රෙදි කැබැල්ලක් ගෙන පිසදමන්නේ එයට අළුත් පෙනුමක් ලබාදීමටය. බිම තැනින් තැන දමා ඇති මාළු ආහාර සැපයුම් කරුවන් සඳහා දෙනබවත්, ඒවායේ ප්‍රමිතිය ගැන කිසිසේත්ම නොබලන බවත් අයෙක් මාඑසේම කෑම විෂවී රෝහලට ඇතුලත් කල පාසැල් සිසුන් ගැන අපට පසුගිය දිනක තොරතුරු ලැබින. එවැනි අවස්ථා සඳහා විවිධ හේතු තිබිය හැක. නමුත් මාළු පිළිබඳව සලකන කල ඉක්මනින්ම විෂ සහිතවීමේ හැකියාවක් සහිත ආහාරයකි.
ඒනිසා මාළු වෙළඳාමේ යෙදෙන අයටත් , ඒවා මිලදී ගන්නා අයටත් මෙම කාරණය වෙත දැඩි අවධානයක් දියයුතු යැයි අපි අවධාරණය කරන්නෙමු .